ඩයිජින්(ගෑස්ට්‍රික් පෙත්ත) හරියට දැනගමු
ඩයිජින්(ගෑස්ට්‍රික් පෙත්ත) හරියට දැනගමු.........🚑❤
‘ගෑස්ට්‍රික්’ අද ජනතාව අතර බහුල වචනයක් වෙලා. ඇත්තටම ‘ගෑස්ට්‍රික්’ කියන වචනය වැරැදි ව්‍යවහාරයක් වුණත් ඒ වචනයෙන් රෝග ලක්ෂණ කිහිපයක් ගැනම අදහස් කරනවා. ගෑස්ට්‍රික් වචනය එන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ කතා කරන ගැස්ට්‍රයිටිස් (gastritis) කියන රෝග තත්ත්වය පදනම් කරගෙන කියලා හිතන්න පුළුවන්. ඒත් gastritis කියන්නේ බඩේ අම්ල ගතිය (ඇසිඩ් ගතිය) වැඩිවීම නිසා එන රෝග කිහිපයකින් එකක් විතරයි.
ජනතාව ‘ගෑස්ට්‍රික්’ කියලා හඳුන්වන්නේ බොහෝ විට බඩ පපුව දැවිල්ල , කෑමට පසු දැනෙන අපහසුතාව, බඩ පුරවා දැමීම වගේ රෝග ලක්ෂණ බොහොමයක් පිළිබඳයි. කාලයක් තිස්සේ මේ රෝග ලක්ෂණ පවතින නිසාත්, වෛද්‍යවරුන් හමුවී නොයෙකුත් බෙහෙත් වර්ග පාවිච්චි කර ඇති නිසාත්, පසු කලෙක තමන් විසින්ම ප්‍රතිකාර කර ගන්න මිනිසුන් බොහෝ විට පෙලඹෙනවා.
මෙහි ඇති වැරැදි නිවැරැදි හා සාධාරණ බව වෙනමම කතා කළ යුතු ලිපියක් වුවත් අද අපි සාකච්ඡා කරන්න යන්නේ, මේ ‘ගෑස්ට්‍රික්’ තත්ත්වයට ජනතාව පාවිච්චි කරන ඖෂධයක් ගැනයි. ඒ antacid හෙවත් පෙපර්මින්ට් රසැති හපලා කන පෙති ගැනයි
ඊට අමතරව මේක දියරයක්, සිරප් එකක් ලෙසත් ලබා ගන්න පුළුවන්. මේවා ඩයිජින්, ජෙලුසිලි මියුකේනි, ගැස්ට්රිල් ඇසිනිල් වගේ විවිධ වෙළෙඳ නම්වලින් වගේම ඖෂධීය නාමයෙනුත් අපට ලැබෙනවා. ඒ ගැන විස්තර ඔබගේ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් දැන ගන්න පුළුවන්.
මේ antacid හපලා කන පෙති ඇත්තටම අපේ උදරයේ අධික අම්ල ගතිය නිෂ්ක්‍රීය කරලා එහෙම නැත්නම් උදාසීන කරලා දමනවා. ඒ නිසා ඇතිවෙච්ච බඩ පපුව දැවිලි රෝග ලක්ෂණයක් ලෙස අඩුවෙලා සහනයක් දැනෙනවා. මේ පෙති වර්ග බොහෝමයක් සාමාන්‍ය ෆාමසියකින් ලබා ගන්න පුළුවන්. දියරය ඉතා හොඳින් ක්‍රියා කළත්, පෙත්ත අපට පාවිච්චි කරන්න පහසුවක් ඇති කරනවා.
පාවිච්චි කරන අවස්ථා
බඩ දැවිල්ලට, පපුවේ දැවිල්ලට ඇත්තටම මේක හොඳ ප්‍රතිකාරයක්.(විශේෂයෙන් කලාතුරකින් ඇතිවෙන අවස්ථාවලදී) කෑම ගැනීමෙන් පැයකට විතර පස්සේ හෝ බඩ දැවිල්ල ඇතිවිට මෙය ගන්න ඕනෑ.
මේ බෙහෙත් වර්ගය අපි ගන්නේ රෝග ලක්ෂණයක් සමනය කර ගන්න විතරයි. ඒ වගේම වෙනත් ශරීරගත රෝග, බඩ පපුව දැවිල්ල විදියට එන්න පුළුවන්. ඒ නිසා පහත සඳහන් අවස්ථාවල ඔබ වෛද්‍යවරයෙක් හමුවන්න ඕන වෙනවා.
- මෙම බෙහෙත්වලින් රෝග ලක්ෂණ අඩු වන්නේ නැති විට
- දිනපතාම හෝ රාත්‍රියේ රෝග ලක්ෂණ ඇති වනවිට වමනය/ ඔක්කාරය ඇති විට
- කළුපාටට වමනය හෝ වැසිකිලි යනවිට හෝ රතුපා ටට රුධිරය පිට වන විට
- අධික බඩේ කොරය ඇති විට
- යටි බඩේ හෝ පැත්තක හෝ කොන්දේ වේදනාව ඇති විට
- හොඳ වෙන්නේ නැති බඩ බුරුල් වී යාම (පාචනය)
- බඩ දැවිල්ල සමඟ උණ ඇති විට
- පපුවේ වේදනාවක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති විට
ඒ වගේම නිතර නිතරම හපලා කන පෙති ගන්න සිදු වෙනවා නම්
අතුරු ප්‍රතිඵල / අතුරු ආබාධ
සාමාන්‍යයෙන් මේ බෙහෙත් වර්ගය නිසා දරුණු අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. එක් එක් වෙෙීළඳ නාමය හෝ ඖෂධ නාමය අනුව අඩංගු ද්‍රව්‍යත් අතුරු ප්‍රතිඵලත් වෙනස් වෙනවා.
මැග්නිසියම් ඇතිවිට පාචනයත්, ඇලුමිනියම් හෝ කැල්සියම් ඇති විට බඩ වේලීමත් සිදුවනවා. මුත්‍රා මාර්ගයේ ගල් ඇති අයට කැල්සියම් අඩංගු බෙහෙත සුදුසු වන්නෙ නැහැ.
ඒ වගේම ඉතා අධිකව ඇලුමිනියම් අඩංගු බෙහෙත ගැනීමෙන්, ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ කැල්සියම් ඉවත් වී අස්ථි බාල වීමක් වෙන්න පුළුවන්. හැබැයි, මතක තියා ගන්න සාමාන්‍ය භාවිතයේදී මේවා සැලකිය යුතු තරම් දේවල් නෙවෙයි.
මීට අමතරව අපි ගන්න වෙනත් බෙහෙත්වල ශරීරයට උරා ගැනීම කෙරෙහි මේ හපලා කන බෙහෙත් වර්ග බලපානවා. ඒ නිසා මෙම ඇසිඩ්වලට ගන්නා බෙහෙත්වලට පැයකට කලින් හෝ පැයකට පසුව හෝ අනෙකුත් බෙහෙත් වර්ග ගත යුතු වෙනවා.
සමස්තයක් විදියට
- ඔබට වකුගඩු අමාරුවක් ඇතිනම්,
- අධික රුධිර පීඩනය, හෘදයාබාධ ඇති නම්,
- ලුනු අඩු ආහාර වේලකට තදබල ලෙස අවවාද දී ඇති නම්,
- කැල්සියම් පෙති ලබා ගන්නා කෙනෙක් නම්,
වකුගඩු ආශි‍්‍රතව ගල් ඇති රෝගියකු නම්, මේ බෙහෙත් වර්ග පාවිච්චියට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්නම සිදු වෙනවා.
No comments
You are WELL COME👏👏😘