-->

Header Ads

ads header

Breaking News

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට

 😮🤭🤫 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට 🤫🤭😮



🤭 ඈනුම් යැවීම | Yawning 🤭

==========================


ඈනුම් යවන එකනම් අපි හැමෝම කරන දෙයක් 🤭 අද අපි කතා කරන්න යන්නේ මේ ඈනුම් යවන එකේ විද්‍යාත්මක පසුබිම ගැන. එහෙනම් අපි කතාවට බහිමු 👇


🤔 මොකක්ද මේ ඈනුමක් යවනවා කියන්නේ 🤔


හොද ගැඹුරු හුස්මක් ආශ්වාස කිරීම මගින් අපේ කන්බෙරය තරම් ඇදීමකට ලක් කරලා ඒ හුස්ම තරමක් වෙලාවක් රදවාගෙන ඉදලා ප්‍රාශ්වාස කරන එක. අන්න ඒක නිසා තමා අපි ඈනුමක් යවනකොට කනට අමුතු feeling එකක් එන්නෙ. නෝමල් ඈනුමක් තත්පර 6ක් පමන කාලයක් තියනවා.


🤔 ඇයි අපි ඈනුම් යවන්නේ 🤔


ඔව් අපිට කම්මැලි හිතුනම ; අපිට මහන්සි වෙලා ඉන්නවනම් සහ වෙන කවුරුහරි ඇනුමක් යවනවා දැක්කොත් 😂 කොටින්ම කිව්වොත් අපි ක්‍රියාශිලි නැතිනම් නිකම්ම ඈනුම් යවනවා 😁 


🤔 හැබෑටම මොකක්ද මේකට හේතුව 🤔


➡️මේකට මුල්ම කාලේ දුන්න පිලිතුර තමා ;

හොද ගැබුරු හුස්මක් ගත්තාම අපේ පෙනහලු වල තිබෙන අමතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස වාතය එක්ක ඉවත් වෙලා මුලින්ම ගන්න ගැබුරු ආශ්වාස වාතය නිසා ශරීරයට වැඩිපුර ඔක්සිජන් ලැබිලා අපිව ප්‍රබෝදමත් / refresh වෙලා යනවා කියන එක.


ඇත්තටම මේක දැන් පිලිගන්න දෙයක් නෙවෙයි. ඈනුම් යැවීම සහ මේ කාබන්ඩයොක්සයිඩ් ; ඔක්සිජන් අතරේ කිසිම සම්බන්ධයක් නෑ කියලා තමා නවතම පරීක්ෂණ වලින් පෙනෙන්නෙ.


මේකට ඇත්තටම නිශ්චිත හේතුවක් තාම නැහැ දැනට පිලිගන්න theory එක මම කියන්නම් 😁


අපි ඈනුමක් යැවීම මගින් වෙන්නෙ අපේ මොලය කායික් අවිද්‍යානුකූලව Cool කරන එක. ඈනුම තමා අපේ මොලේ ස්වභාවික air condition එක 😂


මේක විශ්වාස කරන්න ටිකක් අමාරු උනාට ඇත්තටම වෙන දෙයක් තමා මේක. අපේ මොලය අපේ ශරීරයේ නිපදවෙන පරිවෘත්තිය ශක්තියෙන් 40% භාවිත කරනවා එහි වැඩ වලට.


අපේ ශරීරය නිකන් පරිගණකයක් වගේ. ඒකේ processor එක තමා මොලය. Processor එකට වැඩ වැඩී කියන්නේ processor එක heat වෙනවා. අපි මොලෙන් වැඩ ගන්න තරමට අපේ මොලයේ රුධිර නාලවල උෂ්ණත්වය තරමක් ඉහල යනවා. පරිගණකයේ නම් fan එකක් තියනවා කූල් කරන්න ; එතකොට අපේ මොලේ කූල් කරන fan එක තමයි මේ ඈනුම් යවන එක 😁


අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නව කියන්නේ සෑහෙන්න මොලේට වැඩ දීලා නේ ඉන්නේ. අන්න එතකොට අපේ කූලින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා හොද ඈනුමක් යනවා.

මේ ඈනුම් යැවීමේ අවසන් ප්‍රතිඵල තමා අපේ අවදානය වැඩිවෙන එක. අපි බාගෙට නිදිමතේ ඉන්නකොට වෙන්නේ ඈනුමක් ගිහින් අපිව පොඩ්ඩක් ඇක්ටිව් වෙන එක.


අපිට නිදිමත වෙලාවට ඈනුම් යන එකට හේතුව හිතාගන්න පුලුවන් නේ. අපිට ඕන අවදිවෙලා ඉන්න ; නමුත් මොලේ වෙහෙසිලා නිසා heat වෙලා. ඒක නිසා එකදිගට ඈනුම් යනවා අපිව ඇක්ටිව් එකේ තියාගන්න. අන්න එතකොට අපි දැනගනවා අපි දැන් නිදාගන්න ඕන කියලා මොලේට වැඩ කරලා එපා වෙලා කියලා.

මොලේ කියනවා නිදාගනින් බන් මේ මොන කරුමයක්ද කියලා 😂


⛎ මෙය විද්‍යාත්මකව සරලව කිව්වොත් ⛎


අපි ඈනුමක් යවනකොට සිදුවෙන්නෙ අපේ හෘද ස්පන්දන සීඝ්‍රතාවය වැඩි වෙනවා ඒක නිසා අපේ මුහුනෙ පේශි වලට සහ හිස්කබලට රුධිර ගමනාගමනයෙ වේගය වැඩි වෙනවා මෙන්න මේ හේතුව නිසා මොලයේ වැඩි උන උෂ්ණත්වය අඩුවෙලා අපිව ඇක්ටිව් වෙනවා අපේ අවධානය වැඩි වෙනවා ❤



අපි ඈනුමක් පියවර දෙකකින් තමා සිද්ද කරන්නේ.


(1) හනු ඈත් කිරීම

මෙමගින් අපේ මුහුනේ පේශි වලට සහ අපේ හිසට ලේ ගමනාගමන වැඩි කීරිම සිදුවෙනවා.


(2) ගැබුරු හුස්මක් ආශ්වාස සහ ප්‍රාශ්වාසය කිරීම

අපි ආශ්වාස කරන වාතය අපේ නාස් මාර්ගය වගේම අපේ මුඛ මාර්ගය ඔස්සේ තමා සිදුවෙන්නෙ. මේ ආශ්වාස කිරීම මගින් අපේ ශ්ලේශ්මලය පටල වල තියන ස්නායු උත්තේජනය කිරීම සිදු වෙනවා. මේ ස්නායු ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නෙ අපේ පූර්ව මොලයට.


මේ පූර්ව මොලය තමා අපේ සංවේදන අවයව වල උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වන්නේ ; අපේ පේශි සංකෝචනයක ආරම්භය සහ පාලනය ; භාෂාව වගේ දේවල් හදුනාගැනීම ප්‍රතිචාර දැක්වීම වගේ බර වැඩ ගොඩක් වෙන තැනක්. 

දැන් ඈනුම නිසා මේ සිදුවන උත්තේජනය සහ ඒ අවට රුධිරය කූල් වීම නිසා ආයි අපි ඇක්ටිව් වෙලා අපේ අවධානය වැඩි වෙනවා ❤


මේක නම් අමතර දෙයක්. සමහර අය ඈනුමක් යැව්වට පස්සේ පොඩ්ඩක් ඇග ඇදලා පැදලා හිරි ඇරගන්නවා. අපි මේ ඈනුම යවන ගමන් මේ හිරි ඇරගන්න සිදුවීම හදුන්වන්නේ " Pandiculation " කියලා.

ඔව් ඔයාට මතක් උනේ ගෙදර ඉන්න පූසා හෝ බල්ලා වෙන්න පුලුවන් අන්න ඒ අය අර ඇදිලා හොද ඈනුමක් යවන්නේ ඒකම තමා මේ 😁


♈ සිදු කල පරීක්ෂණයක් ♈️


දැන් අපි ඉහත කතාකරපු දේවල් අනුව......

අපි සරලව බැලුවොත් ඔලුව රත් වෙලානම් ඈනුම් යනවා ඔලුව කූල් නම් ඈනුම් යන්නේ නෑ.


මෙකට විද්‍යාත්ඥයෝ පිරිසක් පරීක්ෂණයක් සිදු කරා :

කැමැත්තෙන් ඉදිරිපත් උන පිරිසකගෙන් ක් කොටසකට දුන්නා උනුවතුර බෑගයක් ඔලුවේ තියන් ඉන්න අනෙක් පිරිසට දුන්නා අයිස් බෑගයක් ඔලුවේ තියන් ඉන්න.


උණු වතුට බෑගයක් ඔලුවේ තියන් හිටපු අයගෙන් 41% ක් ඈනුම් යැව්වා.

අයිස් තියන් හිටපු අයගෙන් 9% යි ඈනුම් ගියේ. 

පේනවනේ උෂ්ණත්වය සහ ඈනුම අතරේ සම්බන්ධය 😁


ඈනුම් නොයවා ඉන්න ඕන නම් කරන්න ඕන ඔලුව කූල් එකේ තියන් ඉන්න එක 😂


🤔 මුලින්ම ඈනුමක් යැව්වේ කවද්ද ? 🤔


ඔයා මේකනම් විශ්වාස කරන එකක් නෑ ඔයා අම්මගේ බඩේ ඉන්න කාලේ ඉදන් ඈනුම යවන එක තමා කරලා තියෙන්නෙ.

නිවැරදිවම කිව්වොත් දෙවන ත්‍රෛමාසිකයේ ඉදලා තමා ඔයා ඈනුම් යවන්න පටන් අරන් තියෙන්නෙ. මේකත් ඉක්කාව වගේම තමා ලමයගේ මොලයේ වර්ධනයට මෙය හේතුවෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.


අමතර කරුනක් 👇

දෙවන ත්‍රෛමාසිකය භ්‍රෑනයාගේ ලක්ශන :

භ්‍රෑනය හොදින් මානව ලක්ශන දරයි. අවයව පද්දතිය සම්පූර්ණයෙන්ම විකසනයවී ඇත. භ්‍රෑනය දිගින් 30cm පමන වේ. ක්‍රියාකාරීත්වය වැඩි නිසා භ්‍රෑනයාගේ චලන මවට දැනේ.


🤔 අපි විතරයිද ඈනුම් යවන්නේ 🤔


ඔයාලා දැනටමත් දන්නවා ඇති මිනිස්සුන් වගේම අපේ ගෙවල් වල ඉන්නෙ බල්ලො පූසෝ ඈනුම් යවනවා කියලා.

මේ අය විතරක් නෙවෙයි කුරුල්ලො ; සර්පයින් ; මාලුවො මේ හැමෝම. අපි විද්‍යාත්මකව කිව්වොත් කොදු ඇට පෙලක් දරන ; පෘශ්ඨවංශිකයින් වන සියලුම ජීවීන් ඈනුම් යවනවා 😁❤ කෝමද වැඩේ 


නමුත් ජීවියාගෙන් ජීවියාට ඈනුම් යැවීමේ හේතුව එකිනෙකට වෙනස් වෙනවා. මන් උදාහරණ කිහිපයක් කිව්වොත් ;


🔷 පෙන්ගුයින්ලා ඈනුම් යවනවා සංසර්ග චාරිත්‍රයක් විදිහට ( mating ritual )

🔷 සර්පයින් විශාල ගොදුරක් ගිලීමෙන් අනතුරුව හනු නැවත තිබුන පිහිටීමට ගන්න ඈනුම් යවනවා.

🔷 Guinea pigs ලා ඈනුම් යවනවා ඔවුන්ට තරහා ගියාම.

🔷 මාලුවො නිතට නිතර ඈනුම් යවනවා ජලයේ ඔක්සිජන් මට්ටම අඩු උනොත් සහ ජලයේ උෂ්නත්වය තරමක් වැඩිවුනොත්.


🤔 ඈනුම් යවන එක බෝවෙන සුලුයිද  🤔


ඔයා මේක අත්විදලා ඇති අපි කෙනෙක් ඈනුමක් යවනවා දැක්කොත් ; නැතිනම් ඈනුමක් යවනවා ඇහුනොත් සමහර අයට මේක ගැන කතාකරත් ඈනුම් යනවා. යාලුවො සෙට් එකේ එක්කෙනෙක් ඈනුමක් යැව්වොත් හැමෝටම වගේ ඈනුම බෝ වෙනවා. ඇයි මේ ?


මේකට නිශ්චිත හේතු නෑ. දැනට කායික විද්‍යානුකූලව සහ මනෝවිද්‍යානුකූලව theories තමයි තියෙන්නෙ. මන් ඒවා එකිනෙක කෙටියෙන් පැහැදිලි කරන්නම් 🤗👇



🔷 කායික විද්‍යානුකූලව 🔷

======================


1️⃣ Fixed Action Pattern | ස්ථාවට ක්‍රියා රටාව 


විශේෂිත උත්තේජයක් නිසා සිදුවන ක්‍රියා පෙලක් තමා මෙහෙම හදුන්වන්නේ. මෙම විශේෂ උත්තේජය තාමා " ආරම්භක ඈනුම " ; "  Initial Yawn " .

අන්න ඒ නිසා තමයි ‍යාලුවො සෙට් එකේ එක යාලුවෙක් ඈනුමක් යැව්වම පිලිවෙලට අනික් අයට ඈනුම් යන්නේ. හරියට ඩොමිනෝස් ගේම් එක වගේ 😁


2️⃣ Non Conscious mimicry | සවින්ඥානික නොවන අනුකරනය


මේක අපි හදුන්වනවා chameleon effect කියලා. මෙතනදි වෙන්නෙ අපි නොදැනුවත්වම අපි කෙනෙක්ගේ හැසිරීම අනුගමය කරන එක. මේක හොදට බලාගන්න පුලුවන් යාලුවො සෙට් උන වෙලාවක. එක යාලුවෙක් ඉන්න විදිහට අනික් හැමෝම ඉන්න බලනවා. එක යාලුවෙක phone එක ගත්තොත් අපි නොදැනුවත්මව අපේ phone එක ගන්නවා. අපි ඉදගෙන ඉන්න එක කතාකරන දේ පවා සමහර වෙලාවට යහලුවාව අනුකරණය කිරීමක් තමා වෙන්නෙ. මේ දේවල් වෙන්නෙ නොදැනුවත්ව නිසා අපිට ගානක් නෑ.


මේ ඈනුම් යවන එකත් එහෙම තමා. එක් කෙනෙන් ඈනුමක් යැව්වම අපි නොදැනුවත්වම අපි එයාව අනුකරණය කිරීමක් තමා වෙන්නේ.


මේකට හේතුවෙන්නෙ අපේ මොලයේ විශේෂ සෛල වර්ගයක් වෙන "  mirror neurons " මේ සෛල වල කාර්‍ය තමා අපි කෙනෙක් දිහා බලාගෙන ඒ කරන දේම නැවත අනුකරණය කිරීමට උදව් කිරීම. මේ සෛල අපේ ඉගෙනීමේ කටයුතුවල වලට බෙහෙවින් වැදගත් වෙනවා.


MRI scanner  මගින් අපේ මොලය scan කරාම දැක්ක දෙයක් තමා. කෙනෙක් ඈනුමක් යවනවා දුටු විට ඇසුන විට අපේ මොලයේ mirror neurons දරන විශේෂ ප්‍රදේශයක් උත්තේජනය වීම. මේ උත්තේජනය නිසා නොදැනීම අපිට ඈනුමක් ඇතිවෙන්න පුලුවන්. 


🔷 මනෝවිද්‍යානුකූලව 🔷

=====================


1️⃣ Empathy | සංවේදනය


Empathy කියන්නේ කෙනෙක්ගේ හැගීම් තේරුම් ගැනීමට ඇති හැකියාව සහ ඒ අය සමග තමන්ගේ හැගීම් හුවමාරු කිරීමට ඇති හැකියාව.


මේකෙ සරල අදහස තමා අපි බොහොම ලගින් ආශ්‍රය කරන අය ලග ඉද්දි ඈනුම් යනවා වැඩී. මොකද අපි සහ එයාල අතර තිබෙන emotional bond එක වැඩි නිසා. මෙකට අපි කලින් කතාකරපු mirror neuros වැදගත් වෙනවා හොදේ.


අපි වැඩි ප්‍රමානයක් ඈනුම් යවන්නේ අපි පවුලේ අය සමග ඉන්න වෙලාවට. ඊට අඩුවෙන් තමා යාලුවො සමග ඉන්න වෙලාවට ඈනුම් යන්නෙ. ඉහත දෙකට සාපෙක්ශව ඉතාම අඩුවෙන් තමා ආගන්තුක පුද්ගලයෙක් සමග ඉන්නකොට ඈනුම් යන්නෙ.


අපිට ඉතාම පොඩි කාලේ කෙනෙක් ඈනුම් යැව්වා කියලා ඒක බෝවීමක් වෙන්නේ නෑ. නමුත් අවුරුදු 4 - 5  වගේ වයසට එනකොට අපිට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සම්පුර්ණයෙන්ම වගේ තේරුම් ගන්න. අන්න එතකොට මේ empathy එක නිසා ඇතිවෙන ඈනුම් යැවීම ආරම්භ වෙනවා.


මේ empathy related  ආබාධ තියෙන ; ඔටිසම් වැනි රෝගී තත්ව ඇති ලමයි නිරික්ෂණය කරාම පෙනෙන දෙයක් තමා අනික් අයට සාපෙක්ශව මේ අය ඉතාම අඩුවෙන් තමා ඈනුම් යවන්නේ 😶😁


✂️✂️✂️✂️✂️✂️✂️✂️✂️✂️✂️


හම්මේ ඕක තමා ඈනුමේ කතාව...... විස්තරය නම් පට්ට දිගයි තමා අමතර කරුනුත් දලා තියන නිසා. මන් හිතනවා  කස්ටියම අලුත් ජොලිබර දේවල් ගොඩක් ඉගෙනගන්න ඇති කියලා ❤🤗


එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු 🤗

No comments

You are WELL COME👏👏😘