හැරී පොටර් කතාව පිටුපස ඇති අපි නොදන්න දේවල්
දොළොස් වතාවක් ප්‍රතික්ෂේප වූ හැරී
පොටර්ගේ වාසනාවේ හිමිකාරිය............
(හැරී පොටර් කතාව පිටුපස ඇති අපි නොදන්න දේවල්)
මේ දවස්වල ගෙදරට වෙලා tv එකෙන් ආයෙමත් Harry Potter බලල උන්මාදයට පත්වෙලා ඉන්න නිසාම ලෝකයේ ජනප්‍රියම දුම්රිය වේදිකාව මොකක්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඕනේ කෙනෙක්ගේ උත්තරය වෙන්නේ Platform 9 3/4.පුදුමයට වගේ මේක ඇත්ත ලෝකේ පවතින එකක් නම් නෙමෙයි.Platform 9 3/4 අපිට දැකගන්නට ලැබෙන්නේ ලෝක ප්‍රකට Harry Potter චිත්‍රපටි මාලාවෙදී විතරමයි.චිත්‍රපටියට අනුව මේක තියෙන්නේ ලන්ඩනයේ King's Cross දුම්රිය ස්ථානයේ.Platform 9 3/4 සැබෑලෝකයේ නැතිවුනත් කිග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානය නම් ඇත්තටම ලන්ඩනයේ තියෙන තැනක්..Harry Potter බිහිවීමටත් මේ kings cross දුම්රිය ස්තානයේ සම්බන්දයක් තියෙනවා.ඒ සම්බන්දය ගොඩගැනෙගෙන්නේ Harry Potter චිත්‍රපටි මාලාවට මාදක වුනු Harry potter නවකතා මාලාව බිහිවීමේ කතාව එක්කයි.
හැරී පොටර් නවකතා මාලාව ලියැවෙන්නේ වන්නේ ජේ.කේ.රෝලින් විසිනුයි.1990 වසරේ දවසක මැන්චෙස්ටර් ඉඳල අපි අර කලින් කිව්ව ලන්ඩනයේ කින්ග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානය දක්වා එමින් තිබූ දුම්රියක් තුල සිටියදී තමයි මායා පාසලක් ගැනත් එයට ඇතුලු වන කොලුගැටයෙක් ගැනත් පුංචි පුංචි අදහස් කීපයක් රෝලින්ගේ මනස ඇතුලේ උපදින්නේ..ඒ තමයි හැරී පොටර් බිහිවීමේ මුල්ම බීජය පැලවීම.ඉන් පසු ඉදිරි වසර පහ පුරාම ඇය වෙහෙසෙන්නේ සම්පූර්ණ හැරී පොටර් කතාව ගොඩනගන්නයි.
ජේ.කේ.රෝලින් උපදින්නේ 1965 ජූලි 31 වෙනිදා එංගලන්තයේ ග්ලූසෙන්ටර්ශයර් හිදීයි.ඒ දියණියන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් දියණිය විදියටයි.රෝලින්ගේ පියා රෝල්ස් රොයිස් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවෙකු වූ අතර මව විද්‍යාගාර තාක්ෂණික ශිල්පිණියක් වුනා.නමුත් ඇගේ මව ස්නායු පද්ධතිය ආශ්රිත රෝගයක් හේතුවෙන් 1990 වසරේදී මිය යනවා.
රෝලින්ගේ මවගෙන් සහ පියාගෙන් ලැබුන දායාහයක් විහියට පොත් කියවන්න රෝලින්ට තිබුනේ පුදුම ආසාවක්.කොටින්ම ඇය හැදී වැඩුනේ පොත් අතරයි.පොඩි කාලෙ ඉඳන්ම රෝලින්ට ඕනෙ වුනේ ලේඛිකාවක් වෙන්න.ඉතින් අවුරුදු හයේදී රෝලින් හාවෙකු ගැන කතාවක් කියැවෙන "Rabbit" නම් සිය පළමු ග්‍රන්තය රචනා කරා.එමෙන්ම රොබට් ගැල්බ්‍රෙයිත් (Robert Galbraith) නම් ව්‍යාජ නාමයකින් අභිරහස් කතා මාලාවක්ද ඇය විසින් රචනා කර තිබෙනවා.
1982 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නත් එයින් ඇය අසමත් වීමෙන් ඔක්ස්ෆර්ඩ් ඇතුලත් වීමේ අවස්තාව ඈ වෙතින් ගිලිහී යනවා.නමුත් Exeter විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ප්‍රංශ භාශාව සහ සම්භාව්‍ය විශයන් සඳහා කලා උපාදියක් හිමි කරගන්නවා.මවගේ මිය යෑමත් , වසරකට පමණක් සීමා වූ පළමු විවාහයේ බිඳ වැටීමත් ආදී හේතූන් මත ඇය දැඩි මානසික පීඩනකට සහ ආතතියකට ලක් වූ අතර ඉන් මිදීම සඳහා ඇය කලේ නිරන්තරව ලිවීමයි.විවාහය දෙදරා ගිය , රැකගැනීම දියණියක් සිටි එමෙන්ම රැකියාවද නොතිබූ රෝලින් උපාධිය හිමි කරගෙන වසර හතක් යන තෙක්ම ජීවීතයෙ අසාර්තක ඇයෙක් වුනා.
1990 දුම්රිය ගමන අතර තුර ඇතිවූ සිතුවිල්ල එනම් ඇයගේ ජීවිතය වෙනස් කල සිතුවිල්ල ඇය එම දුම්රිය ගමන අවසන් වී නිවෙසට පැමිනි වහාම කොලයට සටහන් කරගන්න අමතල කලේ නෑ.තම දියණියගෙ ජීවිතය උඩුයටිකුරු කරන නිර්මාණය ඇයගේ ලියන මේසයේ කොල අතර මෙලෙස බිහිවෙමින් පවතින බව එම වසරේ දෙසැම්බරයේ මිය යන තෙක්ම රෝලින්ගේ මව දැනගෙන නම් හිටියේ නැහැ.මවගේ මියයෑමෙන් සහ පළමු විවාහයේ බිඳ වැටීමෙන් පසු සිය අතදරුවා සමග ස්කොට්ලන්තයේ සිටි රෝලින්ගේ සහෝදරිය වෙත ඇය යන්නේ සූට්කේසයක පුරවාගත් හැරී පොටර් හි මුල්ම පරිච්ඡේද තුන ලියූ කඩදාසි කීපයද සමගයි.
රැකියාවක් නොමැති බැවින් රජයෙන් ලබාදෙන දීමනා මත පමණක් යැපෙමින් ජීවිතය ගැටගසා ගැනීමේ කාලයක් ඇයට තිබිනි.හැරී පොටර් ටිකෙන් ටික ගොඩ නැගෙන්නේ මේ කාලයේදීයි.ලියූ මුල්ම පරිච්ඡේද ත්‍රිත්වය නියෝජිතයන් කීපදෙනෙකු වෙත යැවූ අතර ඉන් එක් අයෙකු පමණක් කතාවේ ඉතිරි ටික කියවීමේ කැමැත්තෙන් සිටින බව දන්වා ඇයට ලිපියක් එවීය.බලාපොරොත්තු දල්වාලූ එම ලිපිය ජීවිත කාලය පුරාවටම තමන් ලද හොඳම ලිපිය බව රෝලින් විසින් පසු කලෙක ප්‍රකාශ කර ඇත.
ඉහත නියෝජිතයාගේද උදව් ඇතිව මුල් පරිච්ඡේද තුන රැගෙන ඇය පොත් ප්‍රකාශකයින් සොයා ගියාය.එලෙස ප්‍රකාශකයින් දොලොස් දෙනෙකු වෙත ගියත් එම දොලොස් දෙනාම එය විකාර අදහසක් සේ සලකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කලද එක්තරා කුඩා ග්‍රන්ත ප්‍රකාශකයෙකු වූ "බ්ලූම්ස්බෙරි ප්‍රකාශකයෝ" විසින් ඇයගේ මෙම නවකතාව මුද්‍රණය කිරීමේ වගකීම භාරගන්නා ලද අතර එය ජීවිතයේ ඔවුන් ගත් හොඳම තීරණය වනු ඇතැයි ඔවුන්ද සිතන්නට නැතුව ඇත.රෝලින්ගේ මෙන්ම බ්ලූම්ස්බෙරි ප්රකාශකයින්ගේ ඉරණම වෙනස් කල මේ තීරණය ගැනුනේ අවුරුදු අටක පුංචි ගැහැණු ළමයෙකුට පින් සිද්ද වෙන්නටයි.ඒ බ්ලූම්ස්බෙරිහි සේවය කල බැරී කන්නිහැම් මහතා රෝලින් විසින් ලබාදුන් මුල් පරිච්ඡේද ත්‍රිත්වය එවකට අට හැවිරිදි වූ සිය දියණියට කියවීමට ලබා දුන් පසු ඉතා ඉක්මනින්ම එය කියවා තමන්ට එහි ඉතිරි කොටසද කියවීමට අවශ්‍යය බවට සිය දියණිය විසින් පෙරැත්ත කල පසු ළමුන් විසින් මෙම කතාව ආදරයෙන් වැළඳගනු ඇතැයි පූර්ව අනුමානක් කල බැරී කනින්හැම් මහතා සිය බ්ලූම්ස්බෙරි සමාගම එය මුද්‍රණ කටයුතු භාරගත යුතු බවට තීරණය කිරීමයි.
කාන්තාවක් විසින් රචනා කල ග්‍රන්තයක් පිරිමි ළමුන් විසින් කියවීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතූ ප්‍රකාශකයින් ඇයට ඇයගේ සැබෑ නම වෙනුවට වෙනස් නමකින් ප්රකාශනය කල යුතු බවට යෝජනා කළහ.ඒ අනුව ජොඈන් රෝලින් යන ඇයගේ නමට "කැත්ලීන්" නම් ඇයගේ මිත්තණියගේ නාමට එක් කොට ජොඈන් කැත්ලීන් රෝලින් හෙවත් ජේ.කේ.රෝලින්(J.K.Rowling) යන නාමය ඇය විසින් නිර්මාණය කරල ලදී.J.K.Rowling නමින් ඇයගේ ප්‍රතම Harry Potter නව කතාව වූ Harry Potter and the Philosopher's Stone ග්‍රන්තය 1997 වසරේදී එලෙස ප්‍රකාශයට පත් කෙරිනි.මේ සඳහා මුලින්ම ඇයට ලැබුණු අත්තිකාරම් මුදල වූයේ යුරෝ 15000ක් පමණි.කෙසේ වෙතත් ළමා කතා පොත් විකිණීම අවම මට්ටම පවතින බැවින් ඇයට ඒ වන විට සිදු කරමින් තිනූ රැකියාව නොනවත්වා කරගෙන යන බවටද අදාල ප්‍රකශන සමාමෙන් උපදෙස් ලැබිනි.නමුත් ප්‍රකාශයට පත්වී සති කීපයකින්ම පිටපත් සියල්ල විකිණී අවසන් වෙමින් නවකතාව ඉතා සාර්තක විය.කතාව ළමුන් අතර පමණක් නොව වැඩිහියන් අතරද වේගයෙන් ජනප්‍රිය විය.ඒ වන විය J.K.Rowling යනු කාන්තාවක් බව තවදුරටත් රහසක් නොවුනු අතර එය පොතේ විකිණීමටද බාධාවක් නොවීය.එමෙන්ම ඇමරිකාව ඇතුලු වෙනත් රටවල්ද එම නවකතාව සියරටේ ප්‍රකාශන අයිතිය ඉල්ලා සිටියහ.Harry Potter and the Sorcerer's Stone නමින් ඇමරිකාවේදී ප්‍රකාශයට පත් කෙරුනේ එයයි.ඉන් පසු පිළිවෙලින් කතාවේ ඉතිරි ග්‍රන්තද එළි දැක්විනි.ඒවා නම් ,
Harry Potter and the Sorcerer's Stone |
1998 : Harry Potter and the Chamber of Secret. |
1999 : Harry Potter and the Prisoner of Azkaban |
2000: Harry Potter and the Goblet of Fire |
2003: Harry Potter and the Order of the Phoenix |
2005: Harry Potter and the Half Blood Prince. |
2007: Harry Potter and Deathly Hallows |
පිළිවෙලින් 1997 ,98 සහ 99 යන වසර වල මුල් ග්‍රන්ත ත්‍රිත්වය එලිදැකිවූ පසු එම වසර තුලදී පමණක් රෝලින් හට ඩොලර් මිලියන 480ක වත්කමක් උපයා දීමය පිටපත් මිලියන තිස්පහක් විකිණුනු මුල් ග්‍රන්ත තුන පමණක් සමත් වි තිබිනි.
තවද 2000 වසරේ නිකිත් සිව්වන ග්‍රන්තය ඒ දක්වා ලෝක ඉතිහාසයේ පැය 24ක් ඇතුලත වේගයෙන්ම විකිණූ පොත බවට පත්විය.එහි මුල් පිටපත් මිලියන 5.3ට පසුව අධික ඉල්ලුම මත තවත් පිටපත් මිලියන 1.8ක් මුද්‍රණය කිරීමට සිදුවිය.
නමුත් එම වාර්තාවම නැවත බිඳ හෙලමීට හය වෙනි ග්‍රන්තය වූ Harry Potter and the Half Blood Prince සමත්විය.ඒ එක්සත් රාජධානිය තුල පමණක් පිටපත් මිලියන 6.9ක් පළමු පැය 24 තුල විකිණීමත් සමගයි.නමුත් එම වාර්තාවද නැවතත් අවසාන නවකතාව වූ Deathly Hallows මගින් බිඳ වැටිනි.අදටත් ලොව වැඩිම ප්‍රමාණයක් පෙර-ඇණවුම් කල ග්‍රන්තය බවට Deathly Hallows නම් දරා සිටී.
හැරී පොටර් කතාමාලාවේ එන බොහොමයක් චරිත සහ සිදුවීම් රෝලින්ගේ පුද්ගලික ජීවිතය හා සබැඳි චරිත සහ අත්දැකීම් ඇසුරෙන් බිහි වූ ඒවාය.
කතාවේ ප්‍රධාන චරිතය වන හැරී පොටර් චරිතය ඇයගේ ළමාවියේ මිතුරෙකු මෙන්ම අසල්වැසියෙකු වූ "ඉයන් පොටර්" නම් තැනැත්තා ඇසුරෙන් නිර්මාණය කරන ලදී.
හැරීගෙ මිත්‍රයා රොන් වීස්ලිගේ චරිතය ගොඩනැගෙන්නේ රෝලින්ගේ හොඳම මිත්‍රයා වූ "ශෝන් හැරිස්" නම් බ්‍රිතාන්‍ය හමුදා නිළදාරියාගේ චරිතය මතයි.රෝලින්ට අනුව රොන් හැරීට දක්වන පක්ෂපාතීවය සහ දැඩි මිත්‍රත්වයට සමාන සැලකීමක් ශෝන් හැරිස් විසින් තමා වෙත දක්වනු ලබන අතරම ලේඛිකාවක වීමේ සිහිනය පිළිබඳ මුලින්ම ඈ පවසා ඇත්තෙද මේ ශෝන් හැරිස් හටයි.එසේ පැවසූ විට ඇය ලේඛිකාවක් ලෙස සාර්තක වන බව පවසා ඇයව ඒ සඳහා දිරි ගන්වා ඇත්තේ ඔහුය.ඒ නිසාම හැරී පොටර් දෙවන ග්‍රන්තය රෝලින් විසින් ශෝන් හැරිස්ගේ නමට පුද කර ඇත.
දක්ෂ බුද්ධිමත් කාර්යක්ෂම හ'මයිනි ග්රේන්ජර්ගෙ චරිතයට පාදක වෙන්නෙ රෝලින්ගේම ළමා කල චරිතයයි.තමන් කුඩා කල විඳි පීඩනය හමුවේ ජීවිතයට මුහුණ දුන් ආකාරය හා නිතරම පොත් කියවමින් දැනුම රැස් කල ආකාරයට අර්ධ මායා ලේ සහිත පවුලක ඉපදුනු හ'මයිනිද ශුද්ධ මායා පවුල් වලින් එල්ල වන පීඩනය හමුවේ ඉදිරියට යන්නට දරණ ප්රත්න්යයෙන් එය අපිට පැහැදිලිය.
කතාව පුරාවට දුශ්ටයාව සිට නමුත් අවසානයේදී වඩාත් ආදරණීයම චරිතය බවට පත්වන මහාචාර්ය ස්නෙප්ගේ චරිතය බිහිවන්නේ රෝලින්ගේ පාසල් කල අකමැතිම ගුරුවරයෙකු වූ ඇයගේ පාසලේ රසායන විද්‍යා ආචාර්ය "ජෝන් නෙට්ල්ශිප්"ගේ චරිතය අනුවයි."ස්නේප්"(Snape) ලෙස ඇය තෝරාගන්නා නාමය වන්නේ එංගලන්තයේ ඓතිහාසික ප්‍රදේශයක් වූ Suffolk හි පිහිටි Snape නම් ග්‍රාමයේ නමයි.
හැරි පොටර් කතාමාලව ගොඩනැගීමේදී නිර්මාණය කල මුල්ම චරිතවලින් එකක් වන යෝධ හැඩ්ර්ඩගේ චරිතය රෝලින් විසින් ගොඩගනගන්නේ 'හාලි ඩේව්ඩ්සන්'(Harley-Davidson) යතුරු පැදි මත නැගී රටපුරා සැරිසරන විශාල රැවුල් වවාගත් ලෙදර් ජැකට් පැලඳි Hells's Angels යතුරුපැදි සංගමේ සාමාජිකයන් සිතින් මවාගෙනයි.
ප්‍රේක්ෂකයා , පාඨකයා මෙන්ම රෝලින් පවා ඉතා අඩු කැමැත්තක් දැක්වූ තවත් දුෂ්ට චරිතයක් වූ රෝස පැහැ ඇඳුමකින් සැරසුරු "ඩොලරස් අම්බ්‍රිජ්" ගේ චරිතය ගොඩනගන්නේ රෝලින්ගේ පාසලේ ගුරුවරියක් අනුවයි.
හැරි පොටර්ගේ නපුරු නැන්දනියගේ චරිතය ගොඩනැගෙන්නේ රෝලින්ගේ මිත්තණිය වූ ෆ්රේඩාට අනුවයි.
ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතය රෝලින් විසින් ගොඩනගන්නේ ඇයගේ ප්‍රාතමික පාසලේ විදුහල්පති වරයාව සිහියේ තමාගෙනයි.
එමෙන්ම හැරී පොටර් දෙවන චිත්‍රපටියේදී අපි දකින රොන්ගේ පියාගේ පියාඹන කාර් රථය ගැන අදහස රෝලින්ගේ සිතට එන්නේ රොන්ගේ චරිතයට පාදක වූ කලින් සඳහන් කල ශෝන් හැරිස් සතුව තිබූ Ford Anglia මෝටර් රථය නිසයි.
තවද තෙවන චිත්‍රපටියේදී අපිට දක්නට ලැබෙන භූත ආරක්ෂකයිනෙ හෙවත් Dementorsලව නිර්මාණය කිරීමට තමා විශාදයෙන් පෙළුන තරුණ කාලයේ ලද අත්දැකීම් තමාට උපකාර වූ බව ඇය පවසා තිබෙනවා.
එමෙන්ම තමාගේ මව මිය යෑම නිසා තමා ලද ආතතිය හා අත්දැකීම් දෙමාපියන් අහිමි වූ හැරී පොටර් චරිතය නිර්මාණයට රෝලින් හට උපකාර වී ඇත.තවද ඇය උගත් ප්‍රංශ හා සම්භාව්‍ය විශයන් පිළිබඳ දැනුම කතාමාලාවේ සඳහන් මන්තර නිර්මාණය කිරීමට දායක වී ඇත.
නවකතා මාලාව සාර්තකවයට පස්වෙමින් තිබියදී 1998දී Warner Bros.සමාගම හැරි පොටර් පළමු නවකතාව සිනමාවට නැගීමට අවසරය ලබාගත් අතර 2001 නොවැම්බර් 16දින පළමු හැරීපොටර් චිත්‍රපටය නවකතාවේ නමින්ම එළිදැක්විනි.ඒ අනුව ඊට පසුව පිළිවෙනි 2002 , 2004 , 2005 ,2007 සහ 2009 යන වසරවලදී ඉතිරි චිත්‍රපටි එළිදැක්වූ අතර අවසාන චිත්‍රපටිය කොටස් දෙකකට පිළිවෙලින් 2010 සහ 2011 දී එළිදැක්විනි.
ලෝ ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් විසින් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීමට පැමිනි නමුත් එය ඔහු විසින් පසුව අත්හැර දමා ඇත.
චිත්‍රපටි සියල්ලේ තිරරචනාව ස්ටීව් ක්ලෝස් විසින් සිදු කලද ඉතිරි නවකතා දෙක සහ චිත්‍රපට පිටපත් අතර පරස්පරතාවක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් පස්වන චිත්‍රපටියේ පිටපත් රචනය සඳහා රෝලින්ද මැදිහත් වී ඇත.ප්‍රධන නළුවා වූ හැරීගේ චරිතයට රඟපාන "ඩැනියෙල් රැඩ්ක්ලිෆ්" පවා චිත්‍රපටි මාලාවේ අවසානය කෙබඳු වේදැයි නොදැන සිටියද ස්නෙප්ගේ චරිතය රඟපෑ ඇලන් රික්මන්ටත් , හැඩ්රිඩ්ට රඟපෑ රොබී ක්ල්ට්රේන්ටත් ඔවුනොවුන්ගේ චරිතවලට අනාගතෙදී අත්වන ඉරණම් කෙබඳු දැයි රෝලින් විසින් රහසිගතව පවසා තිබීම විශේෂිතය. තවද අවසාන චිත්‍රපටයේ නිශ්පාදිත වරියක් ලෙසද රෝලින් දායක වී ඇත. හැරී පොටර් අවසන් වූ පසු , රෝලින් විසින් 2002දී රචනා කරන ලද Fantastic Beast නවකතා මාලාව ඇසුරෙන්ද චිත්‍රපටි මාලාවක් Warner Bros සමාගම විසින් මේ වන විට නිර්මාණය කරමින් පවතී.Fantastic Beast: Where to Find them සහ Crimes of Grinderwald නමින් එහි පළමු චිත්‍රපටි දෙක මේ වන විට එළිදක්වා ඇති අතර එහි තවත් චිත්‍රපටි ත්‍රිත්වයක් එළිදැකීමට නියමිතය.
අධික දරිද්‍රතාවයෙන් හා මානසික පීඩනයෙන් ජීවත්වූ මෙම බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාව හැරීපොටර් විශ්වයට ස්තූතිවන්ත වන්නට මේ වන විට බ්‍රිතාන්‍ය මහරැජිණටද වඩා වැඩි වත්කමක් උපයා ඇත.2004 වසරේදී ෆෝර්බ්ස් සඟරාව විසින් ග්රන්තකරණයෙන් බිලියනපති තත්වය ලද ලොව ප්‍රථම තැනැත්තා බවට රෝලින්ව නම් කෙරිනි.නමුත් සුභසාධන කටයුතු සඳහා ඩොලර් මිලියන 160ක් පරිත්‍යාගය කිරීමෙන් පසුව ෆෝබ්ස් සඟරව විසිනි ඇයව බිලියන පතියන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කලහ.2013 වසරේදී බ්‍රිතාන්‍යයේ බලවත්ම කාන්තාවන් අතරින් 13 වන තැන ඇයට හිමිවිය.එසේම 2017 වසරේදී Sunday Times Rich List වාර්තාවට අනුව රෝලින් සතුවූ වත්කම යුරෝ මිලියන 650කි.තවද එම වාර්තාවට අනුව වාර්ශිකව ඇය ලබන ආදායම යුරෝ මිලියන 72ක් හෙවත් ඩොලර් මිලිනය 95කි.වර්තමානයේ ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියනය සීමාව අත්කරගෙන හමාරය.එය ලොව දෙවනියට ධනවත්ම නළුවා වන ශාරුක් කාන්ටද , සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ සහ ලයනල් මෙසීටද වඩා වැඩි වත්කමකි.
No comments
You are WELL COME👏👏😘