-->

Header Ads

ads header

Breaking News

සාර්ථකත්වය

 

සාර්ථකත්වය

අපි හැමෝම ආසයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න, සාර්ථකත්වයේ ඉහලටම යන්න. ඒත් අද කාලේ මිනිස්සු වැඩියෙන්ම කරන්නේ වෙන කාගේ හරි දියුණුවක් දිහා බලාගෙන හූල්ලන්න එක "අනේ මටත් අර විදිහේ කාර් එකක් තිබ්බනම්","අර වගේ ලොකු ගෙයක් තිබ්බනම්"  මේක කියවන උබලත් අනිවාරෙන්ම මෙහෙම හිතලා ඇති.ඒහෙම හිතලා ටික වෙලාවකින් "මේවා ගන්න මට කොහෙ තියෙන සල්ලියක්ද","මේ මගේ ලැබීම", වගේ දේවලුත් හිතලා ඇති.ඒත් විය යුත්තේ එය නොවේ,හැමවිටම ධානාත්මකව සිතන්න" මම මේ වගේ කාර් එකක් අනිවා ගන්නවමයි" කියලා හිතන්න.අරමුණක් තියාගන්න, ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න,කැපවෙන්න.හැමවෙලේම ලොකුවට හිතන්න මොකද පොඩියට හිතපු හැම මනුස්සයාම කිසිම දියුණුවක් ලැබුවේ නැත.හැමදාම එකම තැනය.☹️

සාර්ථකත්වයට මග… (දෙවැනි කොටස) – Career ...

1) ඔබ ඉපදුනේ සාර්ථක පුද්ගලයෙකු වීමටමයි.


ඔබ දනගතයුතු පළමු දේ තමයි ලොකයේ ඉපදෙන කිසිම පුද්ගලයෙක්

 තේරුමක් නැතුව ලෝකෙට එන්නෙ නෑ,හැම කෙනෙක්ම උපදින්නෙ

 තෙරුමක් ඇතුවයි,සාර්ථක වීමටමයි අවශය වන්නෙ තමන්ගේ හැකියාවන් තේරුම් ගැනීම පමනයි


2) ඔබේ උපරිමය මෙය නොවේ


ඔබ දැනටමත් සාර්ථකත්වය කරා යැමට විශාල ලෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයෙකු වෙන්න පුලුවන් එහෙත් මම කියනව මේ ඔබේ උපරිමය නොවෙයි,ඔබට තව තවත් පුලුවන්


3) ඔබ තුල ඇති බලය ප්‍රයෝජනයට ගන්න


ඔබ නොදන්නව උනාට ඔබ තුල සීමාවක් නැති බලයක් තියෙනව

 මොකද ඔබ මනුෂ්‍යයෙක්,ඔබ ස්වභාව ධර්මයාගේ විශිෂ්ටතම

 නිර්මාණයන්ගෙන් එකක්.,ඒ සැගවී ඇති බලය ඔබ තෙරුම් ගන්න.

ඒ බලය තම සර්ථකත්වය කරා යන ගමනට එකතු කරගන්න,


4) ඔබට,ඔබේ අදහස් වලට වටිනාකමක් දෙන්න


ස්වභාවධර්මයාගේ අගනා නිර්මාණයක් වන ඔබ,ඔබේ වටිනකම තේරුම් ගන්න,මිලකල නොහැකි ඔබෙ අදහස් වලට වටිනාකමක් දෙන්න.ඒ අදහස් වලට ගරු කරන්න,විශ්වාස කරන්න පුරුදු වෙන්න.


5) ඔබ දුර්ලබයි හා විශේෂයි කියල තේරුම් ගන්න.


ඔබ අත්තෙන්ම දුර්ලබයි,ඔබ වගෙ තවත් කෙනෙක් මේ ලෝකයේ කොහෙවත් නෑ ඔබේ බාහිර ප්‍රතිරූපය විතරක් නෙමෙයි ඔබේ ඇතුලත ඔබෙ අදහස් ඔබේ පෞරුශය ඔබටම අනන්‍ය වුවක්,ඒකනිසා ඔබ මෙ ලෝකෙට වටින පුද්ගලයෙක් බව තෙරුම් ගන්න.

     

6) ඔබ වෙත පැමිණෙන ඕනෑම අභියෝගයක් ඔබට ජයගත හැක.

සාර්ථක ගැහැනියක් වෙන්නේ කොහොමද ...

ලොකය ගොඩ නැගුවේ මිනිසුන්,පරිණාමයෙ ආරම්භයේ සිට අද වෙනකන් ක්‍රමක්‍රමයෙන් ශ්‍රේෂ්ඨ නිර්මාණ කරමින් අභියෝග ජයගනිමින්,පිරමීඩයෙ සිට වර්තමනයේ විශාල අහස් උස ගොඩනැගිලි දක්වා ගොඩනැගුවේ මිනිසුන්,ඔබත් එවැනිම විභවයක් ඇති මිනිසෙක්,

ඔවුන්ට පුලුවන් නම් ඔබට බැරි වන්නට කිසිම හේතුවක් නැහැ.


තව දෙයක් තියෙනවා සාර්ථකත්වය කියන්නේ මුදල් හම්බකිරිමම නොවෙි .මුදල් යනු ඔබ සාර්ථක පුද්ගලයෙක් වූ විට ලැබෙන එක් දෙයක් පමනි.

සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද? ඒ දේ තේරුම්ගන්න එක වැදගත්. නැත්නම් අපි සාර්ථකයි කියලා හිතන දේ සාර්ථකත්වය නොවෙන්න පුළුවන්. සමහර විට අපි ඒක තේරුම්ගන්නකොට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්.


උදාහරණයකට සමහර මිනිස්සු තමන්ගේ මුළු ජීවිතයම කැප කරන්නේ සල්ලි හම්බ කරන්න. ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහු සාර්ථකයි කියලා. ඇත්තටම ඒකද සාර්ථකත්වය කියන්නේ? යේසුස් මෙහෙම කියලා තියෙනවා. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?” (මතෙව් 16:26) ටොම් ඩෙන්හම් කියන රැකියා පිළිබඳ උපදේශකවරයාත් ඒ ගැන මෙහෙම කිව්වා. “උසස්වීම් ගැන, සල්ලි ගැන සහ ගන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතලා වැඩ කරනවා නම් එයින් ප්‍රයෝජනයක් නැහැ. සල්ලිවලින් සාර්ථකත්වය මනින එක නැණවත් දෙයක් නෙමෙයි. කාලයක් යද්දී ඒවායින් කිසි පලක් නැහැ කියලා ඔබට තේරෙයි.”


ඒක ඇත්ත කියලා ගොඩක් අය පිළිගන්නවා. ඇමරිකාවේ කළ සමීක්ෂණයකදී සාර්ථකත්වයට දායක වන දේවල් හැටියට පුද්ගලයන් සඳහන් කළ කරුණු 22 අතරින් “සල්ලි ගොඩක් තිබීමට” ලැබුණේ 20වන තැනයි. මුල් තැන ලැබුණේ හොඳ සෞඛ්‍යයක්, එකිනෙකා අතර තියෙන බැඳීම් සහ තෘප්තිමත් රැකියාවක් වගේ දේවල්වලටයි.


ඒකෙන් පැහැදිලි වෙන්නේ හුඟක් අයට සාර්ථකත්වයට දායක වෙන්නේ මොනවාද කියන එක ගැන යම් අවබෝධයක් තියෙනවා කියලයි. නමුත් ඔවුන් ජීවත් වෙන විදිහෙන් ඒ බව පේන්නේ නැහැ. 


සාර්ථකත්වයට නිර්වචන අවශ්‍ය නොවේ මන්ද යත් තමන් සාර්ථක උවහොත් තමන්ම නිර්වචනයක් බවට පත්වෙන නිසාවෙනි.

ජීවිතේ සාර්ථකත්වය අඩාල කරව න, වැඩ ...

අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න

                                                                ස්තූතියි 

No comments

You are WELL COME👏👏😘