මොනවද මේ හීන ...
මොනවද මේ හීන කියලා දකින්නේ අද කතා කරමු හීන ගැන .......
හීන ලෝකය
මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ. එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න.
ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන.. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන.
පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු.
නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැන්ඩි ගාඩ්නර් විසින් පිහිටුවන ලද වාර්තාව. ඒ වාර්තාව ලඟට වත් එන්න උත්සහ කරපු හැමෝටම සිද්ධවුනේ වාර්තාව කඩන්න කලින් අකාලයේ ජීවිතයෙන් සමුගන්න. ඒ තරමට නින්ද ශරීරයට අත්‍යවශ්‍යයි. වාර්තාව පිහිටුවපු රැන්ඩිත් ජීවත්වෙන්න වාසනාව ලැබුවට මොකද පසු කාලීනව දැඩි මානසික රෝග වලට මුහුණදුන්නා.
නින්දෙන් වෙන තවත් ඉතාම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් තමයි මොළය පිරිසිඳු වීම. ඒ කියන්නෙ අනවශ්‍ය මතකයන් ටික ඉවත් කරලා මොළය clear කිරීම. අපේ නින්දෙ ගැඹුරුම වෙලාවෙදි ඒ කියන්නෙ හීන පේන වෙලාවදි තමයි මේ මොළය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන් සිදුවෙන්නෙ. මොකද අපි නිදාගත්තට අපේ subconscious brain එක සුපුරුදු පරිදිම වැඩනෙ,
ඒ වගේම brain cells ශක්තිමත් වීම, සිරුරේ පටක අළුත්වැඩියාව වගේම ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙත් මේ වෙලාවට. ඒක නිසා නිවැරදි නින්දක් ලබාගැනීම හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. එහෙම නැතිවුනොත් විවිධ මානසික ව්‍යාකූලතාවයන් හා ඒ නිසාම විවිධ කායික රෝගත් ඇතිවෙන්න පුළුවන්.
නින්දෙ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.
1) Non REM sleep
2) REM sleep
මුලින්ම අපිට අත්දකින්නෙ Non REM නැත්තං NREM කියන අවස්ථාව. ඊට පස්සෙයි REM අවස්ථාවට එන්නෙ. ඔය ටික නින්දෙදි වෙන්නෙ මෙහෙමයි.
1) ඔයා ඇස් වහගෙන ඉන්නෙ. හැබැයි තාම හරියට නිදි නෑ. පහසුවෙන්ම අවදි කරන්න පුළුවන්. මේ අවස්ථාව විනාඩි 5 - 15 විතර කාලයක් පවතිනවා.
2) දැන් ඔයා ටික ටික සැහැල්ලු නින්දකට අවතීර්ණ වෙනවා. ඔයාගෙ හෘදස්පන්දනය අඩු වෙනවා, ශරීර උෂ්ණත්වයත් අඩුවෙනවා. ශරීරය ටික ටික ගැඹුරු නින්දට සූදානම් වෙනවා.
3) දැන් ඔයා ඉන්නෙ ගැඹුරු නින්දෙ. අර කලින් කියපු පටක අළුත්වැඩියාව වගේ දේවල් වෙන්නෙ මේ වෙලාවෙදි. බැරිවෙලාවත් මේ වෙලාවෙදි කවුරුහරි ඔයාව අවදිකරොත් ඔයාට සමහරවිට ටික වෙලාවක් යනකන් සමබරතාවය වත් තියෙන එකක් නැහැ.
4) ඔන්න දැන් එනවා REM sleep එකට. මොකක්ද මේ REM කියන්නෙ? REM කියන්නෙ Rapid Eye Movement කියන එකට. මේ වෙලාවෙදි ඔයාගෙ ඇස් ඉතාම වේගයෙන් චලනය වෙනවා. ඒක බලන් ඉන්න හරි අමුතුම දර්ශනයක්.ඔයාටත් නින්දෙදි අනිවාර්යයෙන් ඔය ටික වෙනවා.
මේ REM sleep එක ඇතිවෙන්නෙ අපි නිදාගෙන විනාඩි 90ක් විතර යද්දි. මේක විනාඩි 10ක් විතර පවතිනවා. ඊට පස්සෙ ආපහු පළවෙනි පියවරේ ඉඳල එනවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 90 විතර චක්‍රයක් හැටියටයි වෙන්නෙ. හැබැයි දෙවෙනි REM sleep එක නම් විනාඩි 10ට වඩා දිගයි. ඔහොම දිග වැඩිවෙලා අන්තිම එක පැයක් දක්වා උනත් වෙන්න පුළුවන්. පුංචි බබාලගෙ නින්දෙන් 50%ක්ම මේ REM sleep එකටයි වැටෙන්නෙ.
ඉතින් අපිට මොකක්ද මේ REM sleep එකෙන් ඇති වැඩේ? වැඩේ තමයි අපිට හීන පේන්නෙ මෙන්න මේ REM sleep එකේදි!! අපි ඇස් හොලවලා කරන්නෙ හීන ලෝකෙ අපිට පේන දේවල් දිහා බලන එක. අපිට පෙනෙන හීනත් හරි අපූරුයි. හීන පේන්න නිශ්චිතම හේතුවක් තාමත් හොයාගෙන නෑ. ඒත් දැනට හොයාගෙන තියෙන දේවල් ටිකක් කියන්නම්.
අපිට හීනෙන් පෙනෙන එක දෙයක් තමයි අපි සාමාන්‍ය ජීවිතයෙදි අත්දකින දේවල්. දන්නවද ඉස්සර ඇමරිකාවෙ කළු සුදු රූපවාහිනි තිබුන කාලෙ. මිනිස්සුන්ගෙන් 12%කගෙ විතර හීනත් තනිකරම කළු සුදු විතරයි. ඒ වගේම කථන ආබාධ සහිත අය හීන දකිද්දි හස්ත සංඥා පාවිච්චි කරනවලු. කාලයක් ඇස් පෙනිලා පසුව අන්ධ වුණ අයත් හීන දකිනවලු. උපතින්ම අන්ධ අයත් එයාලට දැනෙන සංවේදන වලට අනුව හීන අත්විඳිනවා. වැඩිය ඕන නෑ සත්තුත් හීන දකිනවා. ඒ හැමෝම ගොඩක් වෙලාවට හීනෙන් දකින්නෙ සැබෑ ජීවිතේ අත්දැකීමකට සම්බන්ධ යම් දෙයක්. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.
හීන හැබෑ වෙන්නෙ කොහොමද?
ආපහු මතක් කරනවා පුළුවන් නම් මම කලින් ලියපු "මනසින් වැඩ ගැනීම" කියන subconscious brain එක සම්බන්ධ ලිපිය කියවන්න කියලා. මොකද subconscious brain එක ඒ තරම් පුදුම දෙයක්. ඔයා දවස පුරාම දකින දේවල් ටික ඔයා නිදාගත්තම මේ subconscious brain එක analyze කරල බලනවා. ඊට පස්සෙ ඒ දත්ත අනුව එයා අනුමාන කරනවා ඔයාට හෙට මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට ඔයා අද හොඳ ගොං වැඩ ටිකක් කරල නිදාගත්තා කියල හිතමු. නින්දෙදි subconscious brain එක ඔයාට රූප මවලම පෙන්නනවා අද ගොං වැඩ කරා නම් දැන් ඉතින් හෙට මේ විදියට තමයි විඳවන්න වෙන්නෙ කියලා.
Subconscious mind එක කියන්නෙ කොච්චර බලගතු දෙයක්ද කියලා කලින් ලිපිය කියෙව්ව නම් ඔයාලා හොඳටම දන්නවනෙ. ඉතින් මෙයා කියන දෙයක් ලේසියෙන් වරදින්නෙ නෑ. ඉතින් හෙට ඒකම ඇත්තටම සිද්දවෙනවා. එතකොට ඔයාට මතක් වෙනවා මම හීනෙන් දැක්කෙත් මේකම නේද කියලා. ඇත්තටම ඒක ගුප්ත දෙයක් වත් අහඹු සිදුවීමක් වත් නෙමෙයි. ඒක ඔයාගෙම මොළයෙන් කරපු prediction එකක්.
විහිළුවක් වගේ පෙනුනට දිමිත්‍රි මෙන්ඩලීෆ් ආවර්තිතා වගුව හොයාගත්තෙත්, August Kekulé බෙන්සීන් අණුවෙ හැඩය හොයාගත්තෙත් මෙහෙම හීනෙන්ම තමයි.
No comments
You are WELL COME👏👏😘