ප්‍රශ්න නැත්තේ කාටද ?
ප්‍රශ්න නැත්තේ කාටද ?
ලෝකයේ ප්‍රශ්නයකට මුහුණ නොදුන් කිසිවෙකු නැහැ. ඒ වගේම වර්තමානයේ ඉඳලා ඒ ප්‍රශ්න දිහා හැරිලා බැලූවොත් අපට හිතේවි ප්‍රශ්න ආපු අවස්ථාවේ අපි කොයි තරම් කඩාගෙන වැටුණත් ඒ හැම ප්‍රශ්නෙකටම අපිට උත්තර හම්බු වෙලා තියෙනවා කියලා. සරලවම කිව්වොත් ඔබේ ජීවිතයේ හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා.
අපේ ජීවිතේ අපිට එන ප්‍රශ්න හැලහැප්පීම්, විපත් ඒ වගේම කම්පනයන් එක්ක තමයි කෙනෙක්ට තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මේ හැම දෙයක්ම කෙනෙක්ට ශක්තිමත් වෙන්න ලැඛෙන ආශිර්වාදයන්. සමහර ඒ වගේ සිදුවීම් කෙනෙක්ගේ ජීවිතේ අංශක 360 කින් අනිත් පැත්ත හරවනවා. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් ඊලග මොහොතේ නැගිටින්නේ කලින් හිටියටත් වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක් විදිහට.
ඔබ මොහොතකට හිතන්න ඔබ විශාල දිය කඳක් අතරින් බෝට්ටුවකින් ගමන් කරද්දි ඔබේ බෝට්ටුව පෙරළෙනවා. ඔබ මහා දිය කඳකට අහුවෙනවා. ඔබ ගාව ජීවිතාරක්ෂක කබායක් තිබුනොත් ඔබ ආරක්ෂිතයි. ඒ කියන්නේ ඔබ ගැටලූව ගැන දැනගෙන කලින් සූදානම් වෙලා හිටිය කෙනෙක්. ප්‍රශ්නයකට මුහුණ දෙන්න අවශ්‍ය සම්පත් සහ දැණුම ඔයා ගාව තිබ්බා. ඒ වගේම ඔයා පීනන්න දන්නවානම් ඒ කියන්නේ ගැටලූවකදී මුහූණ දෙන්න අවශ්‍ය ජීවන කුසලතා (Life Skills) නිපුණ කරලා තිබුණනම් ඒත් ඔබට පහසුවෙන් ඒ ගැටලූවට මුහුණ දෙන්න පුලූවන්. ඒ වගේම ඔයා දියේ ගිලෙන්න යද්දි තවත් බෝට්ටුවක ගිය කෙනෙක් ඔයාව බේරගන්න එන්න පුලූවන්. ඒ ඔබ වටා ඉන්නා ආදරණීයයන්. ඒ වගේම ඔයා ගිලෙන්න යද්දි, ඔයා උදව් ඉල්ලලා කෑ ගහද්දි ඔයාව බේරගන්න ඒ සඳහාම පුහුණු වුනු ජීවිතාරක්ෂක නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නත් පුලූවන්. ඒ කියන්නේ ගැටලූවකදී ඔබට සහය වෙන්න වෘත්තීය පුහුණුව ලද උපදේශකයන් (Life Coach, Counselor,Mentor)වැනි අය. අපි හිතමු ඔය කිසිවක් සිද්ධ වුනේ නැහැ කියලා. ඔබ මොකද කරන්නේ. ඔබ පීනන්න දැනගෙන හිටියත් නැතත් ඔබ අතපය එහා මෙහා ගසමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකට කියන්නේ ඔබ සතු ආත්ම විශ්වාසය. ගැටලූව ඇතුලේම තමන්ට තමන්ව අහිමි කරගන්නවා වෙනුවට ගැටලූවෙන් මිදීමට ඔබ දරන උත්සාහය.
මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ ගැටලූවකට මුහුණ දෙන කෙනෙකුට එම ගැටලූවට මුහුණ දීලා ආපසු හිටපු තත්වයටම එන්න උපකාරී වෙන ක්‍රම කිහිපයක් හඳුන්වා දෙන එක. ඔබ දන්නවා අපි රබර් බෝලයක් වතුර යටට තද කරන් ඉඳලා අත හැරීයාම නැවතත් උඩට එනවා. ඒ වගේම ප්‍රශ්නෙකදි ඒ ප්‍රශ්නේ අත හැරලා නැවත හිටපු තත්වයටම එන්න උත්සාහ කරනවාද නැද්ද කියන එක ඔබ සතු තෝරා ගැනීමක්. පහත දක්වා තියෙන කරුනු ඔබට ගැටලූවකට මුහුණ දීලා ශක්තිමත්ව නැවත නැඟී සිටින්න උපකාර වේවි.
ගැටළුවකට මුහුණ දීමේදී සෑම පුද්ගලයෙකුම අධ්‍යනය කළ යුතු පියවර 10 ක් ....
1. නිවසේ සාමාජිකයන්, කාර්යාල සහයයින්,මිතුරන්, නෑදෑයින් අතර සහයෝගී බවෙන් යුතු සැලකිලිමත් සබඳතා ඇති කර ගන්න.
ඔවුන්ගේ උදවු පිළිගන්න, ඔවුන්ට අවශ්‍ය විටදී ඔවුන්ට උදවු කරන්න.
2. සමහර සිදුවීම් ඔබට පාලනය කිරීමට, වෙනස් කිරීමට නොහැකි බව මතක තබා ගන්න.
එහෙත් එම සිදුවීම් වෙනස් කිරීමට නොහැකි වුවත් ඒවාට වෙනස්ම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔබට හැකිය. එම සිදුවීම් වලින් ඔබේ ගමනට බාධාවක් වන්න ඉඩ දෙන්න එපා.
3. වෙනස් වීම යනු ජීවිතයේ කොටසක් බවත් වෙනස්වන තත්ත්වයන්ට හැඩ ගැසීමට ඔබට සිදුවන බවත් පිළිගන්න.
4. ඔබේ ජීවන ඉලක්ක ඔබ වෙත ලඟා කර ගැනීමට හැමදාම කුඩා පියවරක් හෝ ඉදිරියට තබන්න." මගේ ඉලක්ක වෙත සමීප වන්න මම අද කළ යුතු වැදගත්ම දෙය කුමක්ද? " හැමදාම ඔබෙන්ම එසේ අසන්න. විශාල පියවර ගැන සිත සිතා නොසිට කුඩා පියවර වලින් හෝ ඔබේ ඉලක්ක වෙත යාමට අදිටන් කරගන්න.
5. තීරණාත්මක වන්න. ගැටළු ඔබෙන් ඉවත් වේ යැයි බලාපොරොත්තුවෙන් නොසිට ඔබට හැකි අයුරින් ඒවාට පිළිතුරු සොයාගන්න.
6. අහිමිවීම්, දුෂ්කරතා හෝ චිත්තවේගී ගැටළු සමඟ කටයුතු කිරීමේදී ඔබේ අත්දැකීම් තුළින් ඒවාට විසඳුම් සොයන්න උත්සාහ කරන්න. ඒවයින් ඔබ ඉගෙනගත් දේ අගය කරන්න.
7. ඔබ තුළ ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. ඔබේ ශක්තීන් සහ හැකියාවන් ගැන විශ්වාසයෙන් සිටින්න.
8. දිගුකාලීන සැලැස්මක් සකස් කරගන්න.
9. සුබවාදීව සහ බලාපොරොත්තු සහිතව ඉදිරිය දකින්න.
ඔබ බිය දේවල් ගැන සිත සිත නොසිට ඔබට අවශ්‍ය දේ තුළින් ඉදිරිය දකින්න.
10.ඔබට පළමු තැන දෙන්න. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ, ඔබේ සිතේ සැහැල්ලුව පිළිබඳ අවධානය යොමු කරන්න. එය ඔබට දුෂ්කර අවස්ථාවන්වලදී මෙන්ම ඔබේ කටයුතු සාර්ථකත්වය කිරීමට අවශ්‍ය ශක්තිය සහ සමබරතාවය ලබා දෙයි.
අවසානයේ මතක තබා ගන්න.
"ඔබ මිය යන්නේ ජලයට වැටුණු විට නොව පිහිනීමට උත්සාහ නොකරන විටය."
මේ ලිපිය තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවානම් Share කරන්න.
No comments
You are WELL COME👏👏😘