"පර්යේෂණ ගැටළුව (Research Question)" ගැන දන්න සිංහලෙන්ම
"පර්යේෂණ ගැටළුව (Research Question)" ගැන දන්න සිංහලෙන්ම කරුණු කීපයක් කියලා දෙන්න අපි අද තීරණය කරා. Research Ideas ගැන ඇහුව අයටත් ඔන්න අද මේ ලිපිය වැදගත් වෙනවා.
✍️පර්යේෂණ ගැටළුවක් (Research Question) යනු කුමක්ද?
සරලවම කීවොත් අපේ පර්යේෂණයේ අපි විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙන ප්රශ්නය, පර්යේෂණ ගැටළුව (Research Question) විදියට අපිට හදුන්වන්න පුළුවන්.
✍️මොකටද අපිට මේ පර්යේෂණ ගැටළුවක්?
අපේ පර්යේෂණ පත්‍රිකාව, ව්‍යාපෘතිය හෝ නිබන්ධනය ඉදිරියට කරගෙන යාමට අපිට හොඳ පර්යේෂණ ගැටළුවක් අත්‍යවශ්‍ය වෙනවා. නිවැරදි පර්යේෂණ ගැටළුවක් මගින් අපිට සොයා ගැනීමට අවශ්‍ය දේ හරියටම පෙන්වා දෙනවා වගේම අපේ රිසර්ච් වැඩේට පැහැදිලි අවධානයක් සහ අරමුණක් ලබා දෙනවා.
✍️නවැරදි පර්යේෂණ ගැටළුවක ලක්ෂණ මොනවාද?
1️⃣අමතර පැහැදිලි කිරීමක් නැතුවත් පර්යේෂණයේ නියම අරමුණ පහසුවෙන්ම තේරුම් කර දීමට හැකි වීම.
2️⃣තනි ගැටළුවක් කෙරෙහි අවධානය යොමු කිරිමට හැකි වීම.
3️⃣පරාථමික / ද්විතීයික ප්‍රභවයන් (Primary/ Secondary Sources) භාවිතා කර විශ්ලේෂණය කල හැකි වීම.
4️⃣කාල රාමුව (Time Frame) සහ ප්‍රායෝගික සීමාවන් (Limitations) තුළ පිළිතුරු සෙවීමට හැකි වීම.
5️⃣අපේ අධ්‍යයන ක්ෂේත්රයට හෝ සමාජයට වඩාත් පුළුල් ලෙස අදාළ වීම.
6️⃣ කෙළින්ම “ඔව්/ නැත” ලෙස පිළිතුරු දිමට නොහැකි වීම හා නිශ්චිත පිළිතුරකට පෙර ප්‍රභවයන් (Sources) හොදින් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වීම.
7️⃣තවදුරටත් තර්ක කිරීමට හැකි වීම.
✍️පර්යේෂණ ගැටළු වර්ග මොනවාද?
🔴ගණාත්මක පර්යේෂණ ගැටළු වර්ග (Qualitative Research Questions)
1️⃣ගවේෂණාත්මක ප්‍රශ්න (Exploratory Questions)
පර්යේෂණ මාතෘකාව පිළිබඳ වැඩිදුර අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරගන්න පුළුවන්.
උදාහරණය:
වර්තමාන තාක්ෂණික මෙවලම් අවුරුදු 16ට අඩු දරුවන්ට ඇති කරන බලපෑම කෙසේද?
2️⃣පරෝකථන ප්‍රශ්න (Predictive Questions)
යම් ක්‍රියාවක අනාගත ප්‍රතිඵල ගැන කල්පනා කර නිර්මාණය කරගන්න පුළුවන්.
උදාහරණය:
ප්‍රසිද්ධ පුද්ගලයෙක් (celebrity) යම් භාණ්ඩයක් ප්‍රවර්ධනය (promotion) කිරීමෙන් පසුව එය මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි කැමැත්තක් දක්වයිද?
🔴පරමාණාත්මක පර්යේෂණ ගැටළු වර්ග (Quantitative Research Questions)
1️⃣ වස්තරාත්මක ප්‍රශ්න (Descriptive Questions)
යමක් සිදු වූයේ කවදාද, කොතැනද, ඇයි, හෝ කෙසේද යන්න පැහැදිලි කර ගැනීමට
නිර්මාණය කරගන්න පුළුවන්.
උදාහරණය:
පසුගිය වසර තුළ මානසික අවපීඩනයට ලක්වූ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රතිශතය කොපමණද?
2️⃣සංසන්දනාත්මක ප්‍රශ්න (Comparative Questions)
එක් සිදුවීමක් තවත් සිදුවීමක් සමඟ සංසන්දනය කිරීමට නිර්මාණය කරගන්න පුළුවන්.
උදාහරණය:
තරුණයින් හා වැඩිහිටියන් අතර අන්තර්ජාලය හරහා මිලදීගැනීම් (Online Purchasing) පිළිබඳව ආකල්පමය වෙනස්කම් මොනවාද?
3️⃣සම්බන්ධතාවය පදනම් කරගත් ප්‍රශ්න
(Relationship-Based Questions)
එක් විචල්‍යයක් තවත් විචල්‍යයකට බලපාන ආකාරය සොයා බැලීමට නිර්මාණය කරගන්න පුළුවන්.
උදාහරණය:
ශ්‍රී ලාංකිකයින් අතර රැකියා තෘප්තිය ( Job Satisfaction) සහ වැටුප (Salary) අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
✍️පර්යේෂණ ගැටළුවක් ලියන්නේ කොහොමද?
📌️අධ්‍යයනය කිරීමට සැබෑ උනන්දුවක් දක්වන සිත්ගන්නාසුළු පුළුල් මාතෘකාවක් තෝරගන්න.
📌️ඔබගේ පර්යේෂණ ගැටළුව පිළිබඳ දැනටමත් ලියවී ඇති දෑ, විද්වතුන් සහ පර්යේෂකයන් කර ඇති පරීක්ෂණ, සාකච්ඡා කර ඇති කරුණු, පවතින ගැටළු පිළිබඳව මූලික කියවීමක් කරන්න. මේ සදහා පොත් පත්, සඟරා, අන්තර්ජාලය පාවිච්චි කරන්න.
📌️තෝරාගත් පර්යේෂණ ගැටළුව ආශ්‍රිතව ප්‍රශ්න එකක් හෝ කිහිපයක් සකසන්න.
ඔබට දැන ගැනීමට අවශ්‍ය දේ විවෘතව සිතන්න. එය ගැටළුව විසඳීමට දායක වන්නේ කෙසේද යන්න සොයා බලන්න. .
📌️නශ්චිත, හොඳින් නිර්වචනය කළ සංකල්ප භාවිතා කරන්න.
පර්යේෂණ ගැටළුවේ ඔබ භාවිතා කරන සියලුම පදවල පැහැදිලි අර්ථයක් තිබිය යුතුය. ඍජු අදහස් හා පැහැදිලි භාෂාවක් සෑමවිටම පාවිච්චි කරන්න
.
📌️පැහැදිලි, නිශ්චිත හා පර්යේෂණයට ලක් කල හැකි වගේම විශ්ලේෂණය කළයුතු තරම් සංකීර්ණ පර්යේෂණ ගැටළුවක් තෝරාගන්න.
📌️තෝරාගන්නා පර්යේෂණ ගැටළුව පිළිබදව පරිශීලකයින්ගේ නැත්තම් Supervisorsලාගේ උනන්දුව ගැනත් සිතා බලන්න.
✍️පර්යේෂණ ගැටළුව නිවැරදිව ලිවිය යුතු ආකාරය අපි දැන් උදාහරණ කිහිපයක් ඔස්සේ පැහැදිලි කර ගමු.
🔵උදාහරණය 1️
❎පර්යේෂණ ගැටළුව 1:
සමාජ ජාල වෙබ් අඩවි විසින් සිදුකරන හානිය පිළිබඳව එම වෙබ් අඩවි විසින් අවධානය යොමු කළ යුත්තේ කෙසේද?
☑️පර්යේෂණ ගැටළුව 2:
පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ෆේස්බුක් සහ වට්සැප් සමාජ ජාල වෙබ් අඩවි ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
👩🎓️පර්යේෂණ ගැටළුව 1ට වඩා පර්යේෂණ ගැටළුව 2 ඉතා පැහැදිලිව ලියා ඇත.
🔵උදාහරණය 2
❎පර්යේෂණ ගැටළුව 3:
සමාජ මාධ්‍ය මිනිසුන්ගේ මනසට බලපාන්නේ කෙසේද?
☑️ පර්යේෂණ ගැටළුව 4:
ෆේස්බුක් සමාජ මාධ්‍ය දිනපතා භාවිතා කිරීම වයස අවුරුදු 16ට අඩු ළමුන්ගේ අවධානයට බලපාන්නේ කෙසේද?
👩🎓පර්යේෂණ ගැටළුව 3ට වඩා පර්යේෂණ ගැටළුව 4 ඉතා පැහැදිලිව ලියා ඇත.
🔵උදාහරණය 3
❎පර්යේෂණ ගැටළුව 5: ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් පරිසරයට ඇති බලපෑම කුමක්ද?
☑️පර්යේෂණ ගැටළුව 6: ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීම එහි වෙසෙන පෙන්ගුවින් සතුන් කරෙහි බලපාන්නේ කෙසේද?
👩🎓පර්යේෂණ ගැටළුව 5ට වඩා පර්යේෂණ ගැටළුව 6 පටුව නිශ්චිතව සහ අවධානය යොමු කරගනිමින් ලියා ඇත.
🔵උදාහරණය 4
❎පර්යේෂණ ගැටළුව 7:
එක්සත් ජනපදයේ වෛද්‍යවරු දියවැඩියාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
☑️පර්යේෂණ ගැටළුව 8:
ඇමරිකානුවන්ට දියවැඩියාව ඇති කරන ප්‍රධාන පාරිසරික, චර්යාත්මක හා ජානමය සාධකයන් එම රෝගය වළක්වා ගැනීම පිණිස වෛද්‍යවරුන් භාවිතා කරන්නේ කෙසේද?
👩🎓පර්යේෂණ ගැටළුව 7ට වඩා පර්යේෂණ ගැටළුව 8 විශ්ලේෂණය කිරීමට හා විමර්ශනය කිරීමට තරම් සංකීර්ණව ලියා ඇත.
ඉක්මන් ගූගල් සෙවුමකට අපේ පර්යේෂණ ගැටළුවට කෙළින්ම පිළිතුරු දිය හැකි නම් එය එතරම් ඵලදායී පර්යේෂණ ගැටළුවක් ලෙස අපිට හදුන්වන්න බෑ කියලත් මතකේ තියාගන්න.
ඔන්න දැන් නම් ගේමක් නැතුවම Research Question එක හරියටම ලියා ගන්න පුළුවන් ඇති වගේම Research Idea ටිකකුත් එන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේම කැම්පස් එකේ Final Year Research එකේ ඔයාලා හිරවෙලා ඉන්න තැන් තියෙනවා නම් පහළින් Comment එකක් දාගෙනම යන්න. තේරෙන සිංහලෙන්ම අපි ඒ ගැනත් කියලා දෙන්නම්.
කතෘ අයිතිය - ©️ Assignment_Writers Facebook පිටුව 2021.01.17
Most valuable article....❤️
ReplyDeletewoow👌
ReplyDelete