N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..😷
N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..😷
N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු
ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්, දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත..
N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත.එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.
මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.
❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින් සබන් හෝ මධ්‍යසාර යොදා සේදීම නොකරන්න..
නිර්දේශිත ක්‍රම :
☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:
🔹මාස්ක්ස් කිහිපයක් ළඟ තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කළ යුතුය..
🔹70–73°F කාමර උෂ්ණත්වයේ, 40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.
🔹මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.
🔹'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
☑️ මාස්ක් එක රත් කිරීම:
🔹උඳුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කළ හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:
🔹මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
☑️ හමාල වාෂ්පයේ තැම්බීම:
🔹125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.
සැ.යු⚠️ රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව,
එහි හැඩය වෙනස් විය හැක.
එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද
පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
No comments
You are WELL COME👏👏😘