-->

Header Ads

ads header

Breaking News

මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද?

මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද?

 දෙවෙනි කොටස

Lucid_dream 2

☆LD පුහුණු වෙන්නෙ කොහොමද 

How to Lucid Dream, All you need to lucid dream tonight | Taileaters

✦LD කිරීමට ඔයාට විවේකී නින්දක් තියෙන්න ඕන.මුලින්ම ඔයාගේ නිදන කාමරය අදුරු සිසිල් ව තබා  ගන්න. ආලෝකය වැටීම අවහිර කරන්න ඕන. ඒ නිසා සියලු  ආලෝකයන් නිදාගන්නා විට නිවා දමන්න. කාමරයේ තිර රෙදි  දමා අදුරුව තබන්න. එහෙම අදුරු කරන්නෙ LD පෙනීම පහසු කරන, නින්දට අවශ්ය මෙලටනින් හෝමෝනය නිපදවීම පහසු වෙන්න. ඒ වගේම තමයි ඔයා ෆෝන්, කම්පියුටර් වගේ එලිය ලැබෙන විද්‍යුත් උපකරණ භාවිතා කරනවනම්  නිදාගන්න පැයකට කලින් වගේ ඒව පරිහරණය කරන එක නවත්තන්න. මොකද ආලෝකය තිබීම LD වලට අවශ්ය මෙලටනින් මට්ටම නිපදවීම  අඩුකරනව.


✦ඊලඟ එක තමයි ඔයා හැමදාම Dream Jouranel එකක් පවත්වගෙන යන්න. ඒ කිව්වෙ සිහින සගරාවක් තියාගන්න.ඒකෙ ඔයා දවස ගානෙ දකින හීන ලියල තියන්න. උදේ අවදි වුනාම කලින් දවසෙ දැකපු හීන ටික ඒකෙ ලියන්න. මේක දිගටම පවත්වගෙන යන්න.(ඔයා හීන සම්බන්ධ විවිධ දේවල් වලට ආස කෙනෙක් නම් LD දකින්න අකමැති වුනත් ඩ්‍රීම් ජ'නල් එකක් තියාගන්න. ගොඩක්  දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒකෙන්. මට නම් අවුරුදු 3ක විතර එකක් තීයෙනව😁) මේක ඇදාගාව තියාගන්න. උදේ  ඇහැරුනු ගමන්ම ලියන්න ඕන.මොකද හීන ඉක්මනට අමතක වෙනවා.


✦ ඩ්‍රීම ජ'නල් එක දිගටම කරගෙන යනකොට ඔයාටම තේරේවි  හීන වල පොදු ලක්ෂණ තියෙන බව. ඒ හීන වල පොදු ලක්ෂණ ,හීන රටා ගැන සැලකිලිමත් වෙන්න. ඒව හදුනගන්න.


✦ඊලඟ එක තමයි රියැලිටි චෙක් එකක් කිරීම. ඒ කිව්වෙ ඔයා නිදාගෙන ඉන්න වෙලාවට දකින හීනය,  හීනයක්ද නැද්ද කියල තේරුම් ගන්න කරන පරීෂාව. මේක දිනකට පැය 1ක් හෝ 2කට වරක්වත් කල යුතුයි. මේක කරන්න කරන්න ක්‍රම ගොඩක් ඉදිරිපත් කරල තියෙනවා.


  1.  තමන්ගෙ එක් අතක අල්ලක් මතට අනෙක් අතේ ඇගිල්ලක් යැවීම. ඔයා ඉන්නෙ හීනෙක නම් ඒ ඇගිල්ල අල්ල හරහා යනව.
  2. ඒ වගේම නිතර නිතර තමන් ඉන්නෙ හීනෙකද නැද්ද කියල අහන එක පුරුද්දක්ක රගන්න.
  3. එතකොට හීනෙකදිත් අහනවනෙ. නිතරම තමන්ගෙ අතේ හරි කකුලෙ හරි ඇගිලි දිහා බලන්න. ඔයා ඉන්නෙ හීනෙක නම් ඇගිලි ගණන 5ට වැඩි වෙලා හරි අඩුවෙලා හරි පෙනේවි .
  4. පොතක තියෙන පොඩි අකුරු කියවන්න උත්සහ කරන්න. ඔයා ඉන්නෙ හීනෙක නම් අකුරු බොදවෙලා ඇදවෙලා තමයි පේන්නෙ.
  5. ඔරලෝසුවක කටු  දිහා බලන්න.
  6. නහයයි කටයි වහගෙන හුස්ම ගන්න.
  7. කොනිත්තල බලන්න.
  8. කාමරයේ තියෙන ස්විච් එකක් ඔන් ඕෆ් කරන්න.
  9. දුවන්න ට්‍රයි කරන්න.
  10. කෑගහන්න උත්සහ කරන්න.
  11. දිව සපා බැලීම


ඔය කියපු දේවල් සැබෑවට කරන්න බැරි වුනත් හීනෙකදි කරන්න පුලුවන්. එතකොට අපිට පුලුවන් ඉන්නෙ හීනයකද නැද්ද කියල දැන ගන්න. මේ හැමෙ එකම හැම කෙනාටම හරියන්නෙ නෑ. තමන්ට හරි යන එකක් තෝරගන්න. ඒ තෝරගත්ත එකක් පහල තියෙන ක්‍රම වලදි යොදාගන්න.

How to Lucid Dream – Smart Nora

✦DILD (Dream Initiated Lucid Dream) තාක්ෂණය-

මේක තමයි සාමාන්‍යයෙන් අපහසුවක් නැතුවම LD දකින්න පුලුවන් ක්‍රමය. මේකට තමන්ගෙ මනස එකාත්මික කරගන්න පුලුවන් වෙන්න ඕන. නිදාසිටින විට අහඹු ලෙස LD දැකීම තමයි මේකෙදි වෙන්නෙ. උඩ කියපු රියැලිටි චෙක් පුරුදු කරල, භාවනාව කරල මනස සැහැල්ලුවෙන් නිදාගත්තම ආයාසයකින් තොරව නිකන්ම LD එකක් දකින්න පුලුවන්.


✦MILD(Mnemonic Induction Lucid Dream) තාක්ෂණය - 

මේකත් ස්ටෙප් ලබර්ජ් ගෙ තාක්ෂණයක්. ඔයා නිදාගන්න යනකොට ඔයා ඔයාටම කියාගන්න අද නම් හීනයක් දකිනව කියල. තදින හිතට කාවද්දන්න. එතකොට ඔයාට LD එකක් දකින්න පුලුවන්.


ඒ වගේම නිදාගෙන ඉන්නකොට හීනෙකින් ඇහැරුනොත් ඒ හීනය ඩ්‍රීම් ජ්'නල් එකේ ලියන්න.


✦WILD(Wake Induced Lucid Dream) තාක්ෂණය-

මෙකෙදි කරන්නෙ අපිට හීන පේන REM ස්ටෙප් එකේදි ඇහැරෙන එක. ඒකට එලාම් එකක් තියන්න ඕන. ඔයා නිදාගෙන පැය 4,5 කින් එලාම් එකක් තියල අවදි වෙන්න. මෙතෙන්දි ඇස් අරින්න එපා.එහෙමම ඇදේම ඉන්න. ඩ්‍රීම් ජ්'නල් එකෙත් ලියන්න එපා. මෙතන්දි වෙන්නෙ ඔයාගෙ ශරීරය නින්දට යවල මනස අවදියෙන් තියෙන එක. ඒ වගේම මේ වෙලාවෙදි Sleep paralysis තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්. (ඒ ගැන දාපු පෝස්ට් එකත් බලන්න) ඔයාගෙ ශරීරය නිද්‍රාවට ලක්වෙලා තියෙන නිසා මනස රැවටීමකට ලක්වෙනව. ඇත්තටම ශරීරය අවදියෙන්ද බලන්න මොලයෙන් ශරීරයට සංඥා නිකුත් කරනව. ඒ නිසා නාසය, මුහුණ කැසීම, අතපය සෙලවීම වගේ දේවල් අපිට කරන්න හිතෙනව මොලයෙන් පණිවිඩ එවන නිසා. ඒත් ඔයා ඒව මොකුත් නොකර කොහොමහරි ඉවසල ඉන්න ඕන. ඔන්න ඔය වෙලාවෙදි Sleep Paralysis තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්. කොහොම හරි ඉවසල හිටියාම LDඑකක් දකින්න පුලුවන්.

ඒ වගේම තමයි WILD තාක්ෂණය භාවිතා කරල LD දැකපු  ප්‍රසිද්ධ පුද්ගලයනුත් ඉන්නව.චාලි චැප්ලින්, සෙල්වදොර් ඩාලි ඒ අතර වෙනව.


✦WBTB (Wake Back To Bed) තාක්ෂණය-

මේකදි කරන්නෙත් REM ස්ටෙප් එකේ අවදි වන එක. කලින් එකේ වගේ එලාම් එකක් තියල නැගිටින්න ඕන. මේකෙදි නම් ඇදෙන් නැගිටල දැකපු හීනෙ ඩ්‍රීම් ජ'නල් එකේ ලියල විනාඩි 30-60 ත් අවදි වෙලා ඉදල ආයෙමත් නිදාගන්න. එතකොටත් ඔයාට LD එකක් දකින්න පුලුවන්.


මෙතනදි කියන්න තියෙන විශේෂ දෙය තමයි. WILD WBTB කියන ක්‍රම නිතරම යොදාගන්න එපා. මොකද නින්ද ශරීරයට අත්යවශ්ය දෙයක්. ඒ ක්‍රම වලදි අපේ සමාන්ය නින්ද අඩු වෙනව. ( WBTB අඩුවෙන් කරන්න. නිදාගත්තෙ නෑ වගේ තමයි එතකොට)


ප්‍රධාන, ප්‍රසිද්ධම ක්‍රම ටික තමයි කිව්වෙ.මීට අමතරව ගොඩක් ක්‍රම තියෙනව. ඔය උඩ කියපු ක්‍රම අලුතින් LD කරන කෙනෙකුට පුරුදු වෙන්න පුලුවන්. පහල තියෙන ක්‍රම එතරම් ප්‍රසිද්ධ නෑ.


  • FILD- Finger Induced Lucid Dream
  • SILD- Subliminal Induction of Lucid Dream
  • TILD-Thirst Induced Lucid Dream
  • RILD-Reward Induced Lucid Dream
  • CAT-Cycle Adjustment Technique
  • 107 Girl Flying Her Bed Photos - Free & Royalty-Free Stock Photos ...

☆LD එකක ගොඩක් වෙලා ඉන්නෙ කොහොමද 


ඔය කියපු ක්‍රම වලට LD එකක් දකින්න පුලුවන් වුනත් සමහරුන්ට ගොඩක් වෙලා LD එකක ඉන්න බෑ. ඒකට මේ වැඩ ටික LD එකක් ඇතුලෙ කරන්න.


  1. ඔයා ඉන්නෙ හීනෙක බව ඒත්තු ගන්වන්න.
  2. ඔයා දකින හීනෙ දිගටම කරගෙන යන්න.
  3. ඒ වගේම හීනෙ ඇතුලෙ හයියෙන් කෑ ගහන්න එපා.(LD එකක් පලමු වතාවට දැක්කම සතුට වැඩි කමට කෑ ගැහුවම ඇහරෙනව)
  4. හීනෙ ඇතුලෙ ඇග දෙපසට සොලවන්න.
  5. දෑත් එකිනෙක හොදින් අතුල්ලන්න.


☆LD වලට යොදා ගන්න උපකරණ තියෙනවද


මන් මුලදි කිව්ව වගෙ LD වලට උදව් වෙන මෙලටනින් හෝමෝනය නිපදවන්න අන්ධකාරය, අඩු ශබ්දය අවශ්‍යයි. ඒ සදහා නිෂ්පාදිත ඇස් ආවරණ, කන් ආවරණ යොදාගන්නව. ඒත් ඒක අත්යවශ්ය දෙයක් නෙවෙයි. ඒව නැතුව ඔයාලට කරගෙන යන්න පුලුවන්.


☆LD වලට උදව් වෙන දේවල් මොනවද


▲විද්‍යාඥයන් කියන විදියට වීඩියෝ ගේම් වල නිරත වන අයට LD පෙනීමේ සම්භාවිතාව වැඩියි. හැබැයි අර කලින් කිව්ව වගේ නිදාගන්න පැයකට කලින් නවත්තන්න.


▲මොලයේ හා මතක ක්‍රියාවලියට උදව් වෙන ගැලන්ටමින් ඖෂධය භාවිතා කිරීම LD දැකීමට උපකාර වන බව සදහන් වෙනව.


▲මත්ද්‍රව්‍ය වැඩිපුර ගන්න අයට LD පෙනීමේ සම්භාවිතාව වැඩියි. ඒ උනාට LD බලන්න කියල ඒව ගන්න එපා හොදේ.😁


▲LD පහසු කිරීම සදහා music track තියෙනව.  ගූගල්, යූ ටියුබ් වල බලන්න.


▲ඒ වගේම vitamin b6 අධික මාත්‍රාවක් (240g) ගැනීම සිහින නැවත නැවත සිහිපත් වන බවත්, LD වලට උදව් වෙන බව සදහන් වෙනව. 


ඒ සදහා විටමින් බහුල අහාර වැඩිපුර ආහාරයට ගන්න. 

කිරි, බිත්තර ,චීස්,එලවළු,පලතුරු,ධාන්ය වර්ග වල vitamin b6 අඩංගු වෙනව.


☆LD ඉස්සර කරුපු අයට දැන් කරන්න බැරි ඇයි


1.නිදාගැනීමේ කාලරටාව වෙනස් වීම


"මම ඉස්සර LD කරා. ඒ වුනාට දැන් බෑ."කියන ගොඩක් අයට හේතු වෙන්නෙ මේක තමයි. එක එක දවස් වලට එක එක වෙලාවට නිදාගෙන එක එක වෙලාවට අවදි වුනාම එහෙම වෙනවා. ඔයා හැමදාම එකම කාල වෙලාවක්  නිදාගන්න ඕන. හැමදාම එක වෙලාවකට නිදාගෙන එක වෙලාවකට නැගිටින්න.


2.ප්‍රමාණවත් නින්දක් නොලැබීම


LD නොපෙනෙන්න මේකත් එක හේතුවක්. අධික ලෙස නිදි වැරීම නිසා අපේ මනසට අවශ්ය විවේකය ලැබෙන්නෙ නැ. ඒ නිසා එහෙම් වුනාම LD පේනව අඩුයි.


3.මානසික ආතතිය


යම් කටයුත්තක් නිසා මානසික ආතතියකින් පෙලෙනව නම් LD පේනව අඩුයි. මානසික ආතතිය අඩු කරන සංගීත වලට සවන් දෙන්න.


4.විවිධ දේවල් වලට ඇබ්බැහි වීම


දුම්පානය, ශරීරයට අහිතකර මත්ද්‍රව්‍ය භාවිතය, නරක පුරුදු නිසා LD පෙනෙන එක අඩු වෙනව.


5. ඖෂධ  භාවිතය 


විවිධ ලෙඩරෝග සදහා ලබාදෙන ඔඋෂ්ද භාවිතා කිරීම නිසා LD පෙනෙන එක අඩු වෙනව.


6. නොසැලකිලිමත්කම


LD නොපෙනීමට මේකත් ප්‍රධාන හේතුවක්. මුල්   කාලයේ පුහුණු වෙලා පස්සෙ ඒ සදහා උනන්දුව අඩු වුනාම LD පේනව අඩුයි. කොහොමත් පේන එකනෙ කියල ඒ ගැන නොසිතාම හිටියම එහෙම වෙනව.(මටත් එහෙම තමයි හිටපු ගමන්😁)

How To Time Travel Using Lucid Dreams | Terra Lucid

☆LD පුරුදු වෙලා නිතර බලන එක නතර කරන්න ඕන මොනවද


ඔයා කාලයක් තිස්සෙ LD බලන්න පුරුදු වෙලා ඉන්නවනම් , ඒක ඔයාට කරදරයක් නම් ඒක නවත්තන්න පුලුවන්. ඒකට ඔයා අර පුරුදු වුන  විදියෙ අනෙක් පැත්ත කරන්න. ඒ කිව්වෙ ඩ්‍රීම් ජ්'නල් එකේ ලියන එක නවත්තන්න. රියැලටි චෙක් කරන එක නවත්තන්න. සාමාන්‍යය මියුසික් ට්‍රැක් අහන්න. LD දකින්න කරන හැම දේම නවත්තන්න.


Lucid dream ගැන දැනගන්න ඕන හැම එකම වගෙ කිව්ව comment,share කරන්න.


 ✎﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏ 𝙐𝙙𝙖𝙧𝙖 𝙈𝙖𝙙𝙪𝙨𝙝𝙖𝙣


(උපුටා ගැනීමේදී කතෲ අයිතිය සුරකින්න)

No comments

You are WELL COME👏👏😘