-->

Header Ads

ads header

Breaking News

මොනවද මේ Lucid dream කියන්නෙ


★ මොනවද මේ Lucid dream කියන්නෙ

පලමු කොටස


Lucid Dream - DL/PC - Games Online PRO

මනෝකාය එහෙම නැත්නම් Astral Projection, sleep paralysis, Lucid dream කියන්නෙ මාතෘකා තුනක්. Lucid dream  කියන්නෙ තමා සිහිනයක් දකින බව අවබෝධ වීමයි. තමා නින්දේ සිටින  අතරතුර තමන් දකින සිහිනයේ වටපිටාව, එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබදව  පැහැදිලි අවබෝධයක් තිබීමයි.


නැතුව සිහිනය පාලනය කරන එක නෙවෙයි. ඔව් ඒ දකින සිහින ඒ කිව්වෙ  Lucid dream එක අපිට පාලනය කරන්න පුලුවන්. අපිට ඕන විදියට  සිහිනයේ වටපිටාව වෙනස් කරන්න පුලූවන්. අපි දකින LD එකක් පාලනය කරන්න පුලුවන් නිසාත් සිහින පාලනය කිරීම යන්නට Lucid dream යන වචනය බොහෝ දෙනා භාවිතා කරනවා.


සමහරු මේ නම දන්නැති වුනාට ඕනතරම් අත්දැකීම් ඇති. මොකද මේක සමහර අයට කිසිම පුහුණුවක් නැතිවම කරන්න පුලුවන්.


★Lucid dream  එකක් විද්යත්මකව පැහැදිලි කිරීම


 නින්ද තුල Sleep Cycles නැතිනම් නිදාගැනීමේ කාල චක්‍ර තියනව.මේ Sleep Cycle එකක් සාමන්‍යයෙන් විනාඩි 90-120ත් අතර කාලයක් පවතිනව.මේ එක sleep cycle එකක ප්‍රධාන අවධි 2ක් තියනවා.මුල්ම එක,


1.Non-Rapid Eye Movement Sleep (Non-REM Sleep)


මේකත් ප්‍රධාන අවධි ප්‍රධාන තුනකට බෙදන්න පුලුවන්.


▲Non-REM Sleep Stage 01 


නිදාගැනීමට පටන් ගන්නා මූල් අවදිය.  මේ වෙලාවෙදි යම් පුද්ගලයක් අවදි කලහොත් ඔහු නිදාගත්තා යැයි පිලිගන්නේ නැති තරම්.


▲Non-REM Sleep Stage 02 


 සංඥා ටික ටික මන්දගාමී වෙනවා. හෘද ස්පන්ධනය අඩු වෙනවා. මේ වෙලාවේ අවදි කරන්න ටිකක් අමාරුයි.


▲Non-REM Sleep Stage 03


මෙම අවධිය Deep sleep කියලා හඳුන්වනවා.ගැඹුරු නින්ද. මෙම අවධියේ දී නින්දෙන් කියවීම, නින්දෙන් ඇවිදීම වගේ දේවල් වෙන්න පුලුවන් ඒසේම මෙම අවධියේ දී නින්දෙන් අවධි කිරීම අපහසුයි.


2.Rapid Eye Movement Sleep (REM Sleep)


මේ වෙලාවෙදි තමයි සිහින දකින්නෙ. LD එකක් දකින්නෙත් මේ වෙලාවෙදි තමයි.මේ කාලයේ දි ඇස් ඉතා වේගයෙන් එක එක පැති වලට චලනය වෙනවා .මේ අවධිය තුල දී මොළයේ ක්‍රියාකාරීත්වය,රුධිර පීඩනය, හා හෘද ස්පන්දනය වැඩි වෙන්න පුලුවන්. මෙහිදී ශරීර උෂ්ණත්වයත් වෙනස් වෙන්න පුලුවන්.නින්දේ පසුවන කාලය තුළ වරින් වර කිහිපවරක් අප REM නින්දට පත් වන අතර එය නිදා ගන්නා මුළු කාලයෙන් 25% ක් පමණ වනවා.


මේ sleep cycle එක ආපසු මුල ඉඳන් වෙනවා. එක නින්දක් තුල sleep cycles 3-5 ත් අතර  වගේ වෙනවා.

Will Listening to Binaural Beats Help Me Lucid Dream ...

★Lucid dream  එකක කරන්න පුලුවන් මොනවද


ඔයාට LD එකක පාලනය ඔයා අතට ගන්න පුලුවන්. සිහිනයේ වටපිටාව වෙනස් කරන්න  පුලූවන්. කෙටියෙන්ම කිව්වොත් ඔයාට ලුසිඩ් ඩ්‍රීම් එකක් ඇතුලෙ කැමති දෙයක්   කරන්න පුලුවන්, පියාඹන්න, ගහගන්න, සිංදු කියන්න, නටන්න, වෙනත් රටක සංචාරය කරන්න. තමන් කැමති කෑමක් කන්න, ඔය වගේ ඕන දෙයක් කරන්න පුලුවන්. ගොඩක් අය LD එකකදි කරන්නෙ පියාඹන එක තමයි. ඒ හැරුනම පිරිමි කෙනෙක් නම් පියාඹල විතරක්  නතර වෙන්නෑ. ඊට එහා තමන්ට සැබෑ ලෝකයෙ කරන්න බැරි දේවල් කරනව. ඒ ගැන  මන් කියන්න යන්නෑ.🙈 LD කරන කෙනෙක් නම්  ඒ මොනවද කියල දන්නව.(පියාඹන ඇත්දැකීම නම් නියමයි) හොද පුහුණුවකින් පසුව ඔයාට පුලුවන් වලාකුළු වලට ආසන්න  වන තරමට පියාඹන්න. තමන් ආස කරන පුද්ගයකු සමග කාලය ගත කරන්න, කාලතරණය කරන්න.වෙනත් ලෝකයකට යන්න වුනත් පුලුවන්. (ඒ ඔක්කොම සිහිනය  තුලදි විතරයි)


නමුත් සමහර වෙලාවට සමහර  හීන වල වටපිටාව 100% යක්ම තමන්ට පාලනය කරන්න බැරි වෙන්න පූලුවන්. උදහරණයක් විදියට  කවුරු හරි  භයානක කෙනෙක්  තමන්ට  පහර දෙන්න එනකොට  ඒ  සිදුවීම වෙනස් කරන්න බැරි වුනොත් ඔයාට පුලුවන් දුවන්න, ඉගිලෙනව වගේ  උපක්‍රම යොදා ගන්න පුලූවන්.  


★Lucid dream මුලින්ම ආරම්භ කලේ කවුද


 ටිබෙට් ජාතික බෞද්ධයන් මෙය මීට පෙර LD දැන තිබුනා. අතීත යෝගාචාර්වරුන් මෙය දැන සිට තිබුන බවත්  වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙයට මුල්වරට Lucid dream යන වචනය යෙදුවෙ 1913 දී සිහින පිළිබද පර්යේෂකයෙක්, ගවේශකයෙක්, වන ලන්දේසි ජාතික Frederik Van Eedn (ෆෙඩ්‍රික් වෑන් ඊඩන්) විසින්. ඔහු දකින සිහින ලියන්න සිහින පොතක් භාවිතා කරල තිබුන. ඒකෙ තිබුන හීන වලින් 352ක්ම Lucid dream  කියල තමයි කියන්නෙ. ඔහු  සිහින වර්ග 7ක් නම් කරල තියෙනව. ඒකෙන් 7 වෙනි වර්ගය ලෙස තමයි LD නම් කරල තියෙන්නෙ.


 මේ සම්බන්දයෙන් වර්තමානයේ  ප්‍රසිද්ධත්වයක් ගෙන කටයුතු කරන්නෙ Lucidity Institute (ලුසිඩිටි සමාගමේ) අයිතිකරු වන Stephen Laberge ( ස්ටෙපන් ලේබර්ජ්) විසින්. ඔහු සිහින පාලනය සම්බන්ධයෙන් දේශන, වැඩමුළු පවත්වනව. ගොඩක් LD පුරුදු වෙන්න පාවිච්චි කරන්නෙ මෙතුමගෙ තාක්ෂණ තමයි. LD සිදු කිරීමට උපකාර වන උපකරණ, කණ්ණාඩි පවා නිර්මාණය කරන්නෙ මොහුගෙ ආයතනෙන්. මේ හැරුනම    තවත් පුද්ගලයන්, ආයතන මේ සම්බන්ධව කටයූතු කරනවා. ලංකාවෙ නම් ඒ තරම් ප්‍රසිද්ධත්වයක් නෑ.


★Lucid dream කරල ලැබෙන වාසි මොනවද


මම මුලින් කිව්ව වගේ LD එකක් අපිට හොද විදියට යොදා ගන්න පුලුවන්. තමන් ඉන්‍ටවිව් එකකට යනවනම් ඒකෙදි ගිහිල්ල කතාකරන විදිය LD එක ඇතුලෙ පුරුදු වෙන්න පුලුවන්. තමන්ගෙ නිර්මාණශීලීත්වය වැඩි වෙන විදියෙ   දේවල් කරන්න පුලුවන්. තමන් පීනන්න බය  කෙනෙක් නම් ඒකට තියෙන බය නැති කරගන්නව වගේ දේවල් කරන්න පුලුවන්. පිරිසක් ඉදිරියේ  බය  නැතිව කරන්න ඉගෙන ගන්න පුලුවන්.  


★lucid dream පුරුදු වුනාම ඒක නරක විදියට බලපානවද,


ඕනම දෙයක දෙපැත්තක් තියනව. මේකත් එහෙම තමයි. ඇබ්බැහි වෙන්න පුලුවන්. මොකද අපිට මේ ලෝකෙ ලබා ගන්න බැරි දේවල් හීන වලින් ලබා ගන්න පුරුදු වෙනව. එහෙම වුනාම සැබෑ ලෝකෙ විභාග, ඉන්ටවිව්, තමන්ගෙ ව්‍යාපාර කටයුතු වගේ දේවල් අතපසු වෙන්න පුලුවන්. 


ඒ වගේම

යම් දෙයක් කරාම ඒක කරේ හීනෙකෙදිද සැබෑ ලෝකෙදි ද කියල අමතක වෙනවා. ඒ කිව්වෙ උදාහරණයක් විදියට  ඔයාට යම්  මුදලක් කාගෙන් හරි ලැබෙන්න තියනවනම් ඔයා ඒක  හීනෙකදි අරන් තිබුනොත් ඔයාට සැබෑ ලෝකෙදි ඒක හම්බූනා කියල  මගහැරෙන්න  පුලුවන්.  (මේ වගේ දේවල් නම් මට ඕන තරම් වෙලා තියනො😁)


ඔයා හර්දයාබාධ වලින් පෙලෙන  කෙනෙක් නම් LD කරන එක  ටිකක් අවදානම්. මොකද sleep paralysis තත්වයක් ඇති වුනොත් ඔයා බය වෙලා හර්දයාබාධය නිසා මරණයට වුනත්  පත් වෙන්න පුලුවන්. (උඩම ලින්ක් එකෙන් ගිහින් sleep paralysis කියන්නෙ මොකක්ද කියල බලන්න. ඒ ගැන ඒ  තරමටම බය වෙන්න ඕන්නෑ. මොකද හර්දයාබාධ තියෙන කෙනෙක් නම් සාමන්‍ය හීනෙකෙදි වුනත් එහෙම වෙන්න පුලුවන්.)  


ඒ වගේම  තමයි සමහරුන්ට LD පුහුණුවකින් පස්සෙ අවදි වුනාම ඇගට තෙහෙට්ටු ගතියක්, නිදිමත ගතියක් එන්න පුලුවන්. ඒ නිසා දවල් කාලයේ වැඩිපුර නිදාගැනීමට සිද්දවෙන්න පූලුවන්. (මේක හැමෝටම වෙන දෙයක් නෙවෙයි) ගොඩක් අය LD පස්සෙ අවදි වෙන්නෙ ප්‍රබෝධයකින්.


★LD වල  අහිතකර බලපෑම් නවත්තන්න පුලුවන්ද, ඒ කොහොමද 


 සමහර අහිතකර බලපෑම් නවත්තන්න  පුලුවන්. LD එකකින් පස්සෙ ඔයාට ඇගට තෙහෙට්ටුවක් දැනෙනව නම් ඔයා සතියට  දෙපාරක් විතර LD කරන්න හැමදාම නැතුව.


ඔයා ඉන්නෙ සිහිනයක බවත්, එය ආරක්ෂිත බවත්, භයානක සිහින වලට බිය  නොවිය යුතු   බවත් සිහියේ තබා ගන්න.


විද්‍යාඥයන් පවසන ආකාරයට LD වල අහිතකර බලපෑම් නොසලකා හැරිය තරම් අවම වේ.

Falls filmmaker/author teaches lucid dreaming | News | niagara ...

★Lucid dream ගැන තියෙන මිත්‍යාමත මොනවද


LD එකක් තුල මැරුනහම සමහරුන් කියනව ඇත්ත ජීවිතෙත් මැරෙනව කියල. නෑ ඒක එහෙම නෑ. මේක සිහිනයක්.(එහෙනම් මට ආත්ම සියක් විතර තියෙන්න ඕන🤭) ඔයා LD එකකදි හදිසියෙන්වත් මැරුනොත් ඔයා නිකන්ම ඇහෙරෙනව. නැත්නම් ඇස් දෙක තදින් මිරිකන්න. එතකොට ඇහැරෙනව.


තවත් සමහරු කියනව නින්ද අතර හිරවෙලා සදාකල් ඇහැරෙන්නෙ නෑ, නැත්නම් කෝමා තත්වයකට පත් වෙනව කියල. එහෙම නෑ. ඔයාට ඇහැරෙන්න ඕන නම් ඇහැරෙන්න ඕන කියලා ඒ ගැන හිතුවාම හරි. (මම නම් උසක ඉදන් පනිනව)😐


ඒ  වගේම තමයි LD පුරුදු වෙන එක ඉතා අමාරු වැඩක්, යෝගාචාර්වරුන්ට, ධ්‍යානලාභීන්ට පමණක් එය කල හැකි බවත්  කියන එක මිත්‍යාවක්. පර්‍යේෂණ තුලින් ඔප්පු කරල තියෙනව යම් පුහුණුවකින් LD ඕනම කෙනෙකුට දැකිය හැකි බව.


මේ මිත්‍යාවිශ්වාස වලට ගොඩක් හේතු වෙලා තියෙන්නෙ යූටියුබර්ල් ල, සමාජ මාධ්‍යජාල භාවිතා කරන්නන් ඒව ප්‍රමෝට් කරගන්න එලෙස යොදා ගැනීමයි. ඒ වගේම LD නොදකින ඒ සම්බන්ධ අඩු දැනුමක් ඇති අය විවිධ  වාර්තා සැපයීමයි.


★Lucid dream සිදු කල ප්‍රසිද්ධ පුද්ගලයන් කවුද


1.ලියනාඩෝ ඩිකැප්රියෝ Leonardo DiCaprio


 හැමෝම වගේ  මොහු  ගැන නම් අහලා ඇති.  Lucid dream ඇසුරෙන් නිර්මාණය වුනු Inseption චිත්‍රපටය තුල ඔහු LD දැකීම සම්බන්ධව කරන ලද ඔහූගේ රංගනය විශිෂ්ඨය. ඔහු ජනප්‍රිය වූයේ රඟපෑ චරිතය නිසා පමණක් නිසා නොවේ.  ඔහු පවසා ඇත්තේ චිත්‍රපටයට පෙර සිටම ඔහු   LD  දකින බවය.


2.ස්ටීවන් කිං  Stephen King


 ස්ටීවන් කිංගේ බොහෝ කෘති සිහින වල ප්‍රතිඵලයක් බව සදහන් වේ. ඔහු LD දැකීමට පටන් ගත්පසු සමහර කෘතිවල තේමාවන් ඒ හා සම්බන්ධ දේවල් දකින බව සදහන් වේ.


3. ඇල්බට් අයින්ස්ටයින්  Albert Einstein


 මෙතෙක් සිටි ජනප්‍රියම විද්‍යාඥයන්  ඇල්බට් අයින්ස්ටයින් ලෙස නම් කරන්න පුලුවන්.  භෞතික විද්‍යාව හා විශ්වය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කළ ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය පෙනෙන විදිහට ඔහු සිහිනයකින් සොයාගත් දෙයක් බවට මත පල කරයි.  අයින්ස්ටයින් පැහැදිලි LD දකින්නෙකු බව අපට නිශ්චිතවම කියන්න  බෑ,  මොකද එය එවකට පිළිගත් යෙදුමක් හෝ භාවිතයක් නොතිබූ නිසා. ඔහු නිසැකවම ඔහුගේ සිහින තම වාසියට යොදාගෙන නිදාගත් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගත් බව නම් පැහැදිලිය.


  4.ජෝන් ලෙනන්  John Lennon


 ජෝන් ලෙනන් යනු ඉංග‍්‍රීසි ජාතික සුප‍්‍රකට ගායකයකු හා සංගීතඥයෙකි. බීට්ල්ස් නමින් පැවති ලෝක ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ සමාරම්භකයකු ද වනවා.සමහර විට ඔහු පිළිගත් LD දකින්නෙක් නොවෙන්න පුලුවන්.  ඔහු LDබවක් අත්විඳින්නේද නැද්ද යන්න විවාදාත්මක ය, නමුත් නිසැකවම සිහින දැකීමෙන් දේවානුභාවයෙන් පෙනෙන ගීත රචනා තිබේ.  ස්ට්‍රෝබෙරි ෆීල්ඩ්ස් හි ‘ වැනි ගීත වල ඇතැම් කොටස් වල පදවලින්  ඒ බව තහවුරු කරයි. 


4.රිචඩ් ඩී ජේම්ස් / ඇෆෙක්ස් නිවුන්


 සංගීත ක්ෂේත්‍රයේ ලෙනන් හෝ බීට්ල්ස් තරම් ප්‍රසිද්ධ නොවූවත්, ඇෆෙක්ස් ට්වින් යනු ඇදහිය නොහැකි ඉලෙක්ට්‍රොනික් සංගීත කලාකරුවෙකි.  ඔහුගේ සංගීතය සමහර විට එහි කාලයට වඩා ඉදිරියෙන් සිටින අතර ඩැෆ්ට් පන්ක් ඇතුළු තවත් බොහෝ කලාකරුවන්ට බලපෑම් කර ඇත!  එතරම් බලපෑමක් ඇති කළ සංගීතය නිර්මාණය කිරීමට ඔහු පෙලඹුණේ LD දැකීමෙන් බව සදහන් වේ.

 

5.නිකොලා ටෙස්ලා  Nikola Tesla


 විසිවන සියවසේ වඩාත්ම ගෞරවයට පාත්‍ර විද්‍යාඥයන්ගෙන් යන්ගෙන් කෙනෙකු වන නිකොලා ටෙස්ලා,අවදි සහ නිදාගැනීමේ ජීවිතයෙන් ඔහුගේ දක්ෂතාවය දියුණු කරගත් ඉංජිනේරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකි.  ඔහු විදුලිබලය  පිලිබද ශ්‍රේෂ්ඨයෙක් විය. LD ඔහුගේ ගමනට ඔහුට උපකාර කළ බව විශ්වාස කරයි.

 

6.වචොව්ස්කිස්  The Wachowskis


 චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.  The Matrix, V for Vendetta, Cloud Atlas,  යන එවා ඒ අතර වේ.ඔහුත් තම පරිකල්පන ශක්තිය දියුණු කර ගැනීමට  LD යොදාගෙන  ඇත.


7.ජේම්ස් කැමරන්  James Cameron


ඇවටර්, ද ටයිටැනික්, ද ටර්මිනේටර් වැනි දෑ අපේ තිරයට ගෙන ආ LD දැකීමේ ආස්වාදයක් ඇති තවත් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. ඇවටර් වැනි චිත්‍රපටි තුල LD වල උදව් වී ඇති බව පෙනේ.  මුළු චිත්‍රපටයම මූලික වශයෙන් සිහින ලෝකයක සකසා ඇති ඇත.


8.තෝමස් අල්වා එඩිසන් Thomas Edison


  මෙතුමා ගැන නම් නොදන්න කෙනෙක් නැ. අල්වා  එඩිසන් ඔහුගේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු කර ගැනීමට LD යොදා ගත් බව සදහන් වේ.  විදුලි බුබුල සොයා ගැනීමේ ගෞරවය එතුමාට හිමි වේ.


9.ක්‍රිස්ටෝපර් නොලන්  Christopher Nolan


 LD දැකීමෙන් ඔහු කොතරම් ආශ්වාදයක් හා උනන්දුවක් දැක්වූවාද කිව්වොත්, ඒ සඳහා ඔහු කෙතරම් කැපවී සිටියාද කිව්වොත් ඒ ගැන චිත්‍රපටයක් කිරීමට ඔහු කටයුතු කරා. Inseption , Insteller වැනි චිත්‍රපට ඔහුගේ නිර්මාණ වේ. ඔහු අපට විශිෂ්ට චිත්‍රපටයක් ලබා දුන්නා පමණක් නොව, ඔහු LD සම්බන්ධව මිනිසුන්ව වඩාත් දැනුවත් කර ඇති අතර LD දැකීමද පිළිගත්තේය.

 

10.සැල්වදෝර් ඩාලි  Salvador Dali


 සැල්වදෝර් ඩාලි තරම් කලාත්මක කෙනෙකු LD වලට උදව් ලබාගත් බව පුදුමයක් නොවේ.  ඔහුගේ සිතුවම් වචනාර්ථයෙන් මේ ලෝකයෙන් පිටත වන අතර ඔහුගේ  සිතුවිලිවල මනඃකල්පිතය වඩාත් නිරූපණය කරයි.  ඔහු LD හදුවාදීමට  පෙර ජීවත් වූ තවත් ප්‍රසිද්ධ චරිතයක් වුවද, ඔහු ඒ වන විටත් LD අධ්යනය කර ඇත. ඔහු  LD  කරා ළඟා වූ ආකාරය රහස් 50 කින් යුත් ඔහුගේ පොතේ විස්තර කර ඇත.

 

Lucid Dreaming and Accessing Your Higher Self

★Lucid dream ගැන පර්යේෂණ කරල තියෙනවද,


සිහින සම්බන්ධයෙන් මේ වෙන විටත් බොහෝ පර්යේෂණ සිදුවෙමින් තියෙන්ව. විශ්වවිද්‍යාල, සිහින සම්බන්ධව පවතින ආයතන මනෝවිද්‍යඥයින් මේ සම්බන්ධයෙන් පර්‍යෙශණ විශාල ප්‍රමාණයක් කරල තියෙනව.  Lucid dream දකින පුද්ගලයන් යොදාගෙන මෑතකදී ලද පර්‍යෙශණයකින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ගන්නා පුද්ගලයන්ට වැඩි වශයෙන් සිහින දැකීම පහසු බව තහවුරු කරනව. නින්ද යටපත් කරන ස්නායුක ක්‍රියාකාරකම් වෙනස් වීම නිසා මෙසේ සිදුවන බව තහවුරු කරනව.


 LD පුරුදු පුරුදු වෙන විදිය, දිගටම කරගෙන යන විදිය, ඇබ්බැහි වීමෙන් ඉවත්වන විදිය ආදී තොරතුරු  ර්‍රලග පෝස්ට් එකේ බලන්න.


ඔයාලගෙ අත්දැකීමුත් කියාගෙන යන්න. Like , comment , share කරන්න. ගෲප් එකට මෙම්බර්ස්ල ඇඩ් කරන් යන්න.


✎﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏𝙐𝙙𝙖𝙧𝙖 𝙈𝙖𝙙𝙪𝙨𝙝𝙖𝙣

No comments

You are WELL COME👏👏😘