-->

Header Ads

ads header

Breaking News

මොනවාද මේ විටමින් A කියන්නේ...

 මොනවාද මේ විටමින් A කියන්නේ...

Vitamin A rich foods for skin


විටමින් A යනු ශරීරයට අත්‍යාවශ්‍ය වන මේදයේ දියවන විටමින් වර්ගයකි. අප ලබාගන්නා ශාඛමය සහ සත්ත්වමය ආහාර ඔස්සේ විටමින් A ශරීරයට ලැබේ. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 6 ට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් (1/3) පමණ විටමින් A ඌණතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. එයින් වැඩිම ප්‍රමාණයක් පෙර පාසල් ළමුන් වීම විශේෂ ලක්ෂණයකි.


මූලිකව විටමින් A වර්ග කිහිපයක් අප ශරීරයේ අපට හමුවනවා. රෙටිනෝල්(retinols) ,බීටා කැරොටින් (beta-carotenes)හා කැරොටිනොයිඩ්(carotenoids) කියන මේ නම් වලින් හදුන්වන්නේ විටමින් A හි සංඝටකයි.


විශේෂයෙන් අප පාසල් අවදියේදී ඉගෙන ගෙන ඇති ආකාරයට විටමින් A ඌණවීමත් සමග අපට රාත්‍රී අන්ධතාවය ඇතිවනවා. ඊට අමතරව Xerophthalmia(ඇස් වල කදුළු නිපදවීමේ හැකියාව අහිමිවීම) හා keratomalacia වැනි අක්ෂි රෝගී තත්වයන් ඇති වනන්ට පුළුවන්.


එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව සෑම වසරකම මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 250,000 – 500,000 ප්‍රමාණයක් විටමින් A ඌණතාවය හේතුවෙන් අන්ධභාවයට පත්වනවා. එලෙසම සංවර්ධිත රටවල් වල වූවත් ගර්භනී කාන්තාවන් අතර විටමින් A ඌණතාවය පවතින අතර ඒ හේතුවෙන් ගර්භණී මව්වරුන්ගේ මරණ සංඛ්‍යාව ඉහල යාම මෙන්ම ගර්භණී සමයේ හා මව්කිරි දෙන ඇති වන සෞඛ්‍ය ගැටළු මතුවීමත් සිදුවනවා.


ඉහත කී කරුණු වලට අමතරව විටමින් A ඌණවීමනේ විවිධ ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ සිරුර සතු හැකියාව අඩුවී යන අතරම ඒ හේතුවෙන් එන්නත් කරන වැඩපිළිවෙලක් නොමැති රටවල් වල සරම්ප වැනි ආසාදන හේතුවෙන් මරණ සිදුවීමේ අවස්ථාවන්ද ඉහල යනවා.


සෑම අවුරුදු 5ට වඩා අඩු දරුවන් දෙනෙකුගෙන් එක්කෙනෙකුම විටමින් A ඌණතාවයෙන් පෙලෙන බවත්, දියුණු වෙමින් පවතින රටවල දරුවන් 250,000 – 500,000 ප්‍රමාණයක් වසරක් තුල අන්ධභාවයට ලක්වන බවත්, ඒ අතරින් වැඩිම සිදුවීම ප්‍රමාණයක් වාර්තා වන්නේ ගිණිකොනදිග ආසියාවෙන් හා අප්‍රිකානු ප්‍රදේශවලින් බවත් ලොවපුරා සිදුකල සමීක්ෂනයකට අනුව හෙලි වී තිබෙනවා.


මෙවැනි තත්වයන් සදහා ප්‍රතිකාර වශයෙන් විටමින් A නික්ෂේපන ලබදීම හෝ මුඛ මාර්ගයෙන් ලබාගන්නා ඖෂධ ලබාදීම සිදුකල හැකි අතර ඒවා වෛද්‍ය උපදෙස් අනුව සිදුවිය යුතුයි.එසේ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඔබගේ ආහාර රටාව වෙනස් කිරීමෙන් හා විටමින් බහුල ආහාර ගැනීමට උපදෙස් දීම මගින් මෙම තත්වය නිවැරදි කිරීමටද උත්සහ කිරීම සිදුකරනවා.

What are some good foods for healthy eyes, skin, bones, immune ...

👉විටමින් A සිරුරට වැදගත් වන්නේ ඇයි?


අපගේ ඇසේ පෙනීම සඳහා ඉතාම වැදගත් වන කොටසක් ලෙස දෘෂ්ටිවිතානය (Retina) හැඳින්විය හැක. එහි ඇති පෙනීම ලබාදීමට වැදගත් වන ස්නායු සෛල වල අඩංගු වර්ණක නිෂ්පාදනය සඳහා විටමින් A අත්‍යාවශ්‍ය සංඝටකයකි. එනම්, විටමින් A යනු පෙනීම ලබාදීම පිනිස ඉතා වැදගත් වන පෝෂ්‍ය පදාර්ථයකි.


රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය මනාව පවත්වා ගැනීමට මෙම විටමිනය වැදගත් වේ. එමනිසා, විටමින් A ඌණතාවයෙන් පෙළෙන දරුවෙක් ලෙඩ රෝග වලට ගොදුරුවීමට ඇති හැකියාව වැඩිය. එමෙන්ම, සම, හිසකෙස්, සහ ශරීරයේ ශ්ලේෂ්මල පටල (Mucous membranes) වල නිරෝගීභාවය සඳහා විටමින් A වල ක්‍රියාකාරීත්වය වැදගත් වේ. තවද, විටමින් A, ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වේ. එමනිසා, අපගේ ශරීරය තුළ සිදුවන දහස් ගණනක් වූ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල අතුරු ප්‍රතිඵලයන් ලෙස නිපදවෙන, ශරීරයේ සෛලවලට හානිකර වූ මුක්ත ඛණ්ඩක (Free radicals) අක්‍රීය කිරීමට විටමින් A වැදගත් වේ.


ශරීරයේ සෛල බෙදීම සහ ඒවා විවිධ පටක වලට අනන්‍ය වූ ලක්ෂණ සහිතව වර්ධනය කිරීම (විශේෂණය) නිසි පරිදි යාමනය කිරීමටද, විටමින් A වල ක්‍රියාකාරීත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.


👉විටමින් A ශරීරයට ලැබෙන ප්‍රධාන ආහාර ප්‍රභවයන් මොනවාද?


✔සත්ත්වමය ආහාර


සත්ත්ව ආහාර වල අඩංගු රෙටිනෝල් ලෙස පවතින විටමින් A පහසුවෙන් ශරීරයට උරාගැනීම විශේෂ ලක්ෂණයකි. මාළු, මස්, කිරි, බිත්තර වැනි සත්ත්වමය ආහාර වල විටමින් A වැඩිපුර අඩංගු වේ.


✔ශාඛමය ආහාර


කහ, තැඹිලි වැනි විවිධ වර්ණ වලින් යුතු එළවළු හා පළතුරු, සහ තද කොළ පැහැති පළා වර්ග වල විටමින් A බහුළව අඩංගු වේ.


*විටමින් A වැඩිවූ විට ඇති විය හැකි අතුරු ආබාධ


ඔබගේ ශරීරයේ විටමින් A ඌණතාවයක් පැවතීමෙන් පසු ඔබට ඒ සදහා විටමින් අතිරේක ලබාදී ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගතහොත් විටමින් A සිරුරේ අධික වීම හේතුවෙන් වෙනත් විවිධ ආබාධ ඇති විය හැකියි.


හිසරදය හා සමේ ඇති වන ආසාදනවැනි  තත්වයන් සාමාන්‍යයෙන් ඇති විය හැකි තත්වයන් ලෙස හැදින් විය හැකියි. ඊට අමතරව


  • කම්මැලිකම
  • උදරයේ වේදනා
  • ඔක්කාරය
  • වමනය වැනි තත්වයන් අැති  විය හැකියි.


*විටමින් A අවශ්‍යප්‍රමාණයට වඩා  දීර්ඝකාලීනව ශරීරය තුල පැවතීමෙන්


  • ඇස් පෙනීම වෙනස් වීම
  • අස්ථි වේදනා හා ඉදිමීම්
  • ආහාර අරුචිය
  • වියළි සම
  • තොල් පැලීම
  • කෙස් ගැලවී යාම වැනි තත්වයන් ඇති විය හැකියි.


එවැනි තත්වයකදී විශේෂයෙන්ම ඌණතා අවස්ථාවකදී මෙන්ම ප්‍රතිකාර ලබාගතයුතු අතර එසේ නොමැති වුවහොත් අක්මාවට හානි සිදුවීම,ඔස්ටියොපෙරෝසිස්,සිරුරේ කැල්සියම් තැන්පත් වන ප්‍රමාණය වැඩිවීම,කැල්සියම් තැන්පත්වීම වැඩිවීමත් සමග වකුගඩු හානිවීම් වැඩිවීම වැනි තත්වයන්ද ප්‍රථිඵල විය හැකියි.

No comments

You are WELL COME👏👏😘