- ඔබ දැන සිටියාද? | Did you know? -
සෑම උතුරු කොරියානුවෙක්ම දිනකට මිනිස් මල රාත්තල් 200ක් රජයට සැපයිය යුතු වෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උං සෑම පුරවැසියකුම දිනකට මිනිස් මල කිලෝ අනූවක් පමණ දිනකට රජයට ලබා දිය යුතු යැයි නියම කරන්නේ 2019 වසරේදී වන අතර ඔහු පවසන පරිදි මිනිස් මල ආර්ථික හා කෘෂිකාර්මික සංවර්ධනයට සෘජුව දායක කර ගත හැකිය. මිනිස් මල යොදාගනිමින් අඩු වියදමක් යටතේ ඉතා ඉහල ගුණාත්වයෙන් යුත් පොහොර නිශ්පාදනය කිරීම උතුරු කොරියානු රජයේ අරමුණ වී තිබේ.
කෙසේ නමුත් එක් මිනිසකු දිනකට නිපදවන්නේ මල කිලෝ එකකටත් අඩු ප්‍රමාණයක් වන අතර රජය බලාපොරොත්තු වන ප්‍රමාණය ලබා දිය නොහැකි අයට ඒ වෙනුවට ආහාර නිශ්පාදනය සඳහා භාවිතා කරන වෙනත් කොම්පොස්ට් පොහොර වර්ගයක් ලබා දිය හැකිය, එම පොහොර මුදල් ගෙවා ලබා ගත යුතු වීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි.
මිනිස් මල "රාත්‍රී පස" යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අතර, මෙය ග්‍රීක යුගයේ සිට පොහොරක් ලෙස භාවිතා කොට තිබේ. කෙසේ නමුත් දිනකට නියම කොට ඇති ප්‍රමාණය ලබා දීමට අසමත් වුවත් ජනතාවට ලබා දිය හැකි ප්‍රමාණය ඔවුන් රජයට ලබා දෙයි.
මේ හේතුව නිසා මිනිස් මල එකතු කොට පොහොසත් අයට විකිණීමේ ව්‍යාපාරයක්ද ගොඩ නැගී තිබෙන අතර. තමන්ට දිනකට අවශ්‍ය මල ප්‍රමාණය මුදල් දී ලබා ගැනීමට මුදල් ඇති අය පෙළඹී තිබේ. රජයේ මෙම ක්‍රියාමාර්ගය ජනතාවගේ නොසතුටට හේතු වී ඇති අතර ඔවුන් පවසන්නේ සපයාගත නොහැකි මිනිස් මල ප්‍රමාණයක් ඉල්ලා සිටීම ඉතා අසාධාරණ තත්වයක් වන බවයි.
දුප්පත් උතුරු කොරියානු තම මල කොටස සම්පූර්ණ කර ගැනීම සඳහා අන් අයගේ මල සොරකම් කිරීම, මිනිස් මල පස් සමඟ කලවම් කොට ප්‍රමාණය ඉහල නංවා ගැනීම වැනි උපක්‍රම වලය යොමුව ඇති බවක් දැක ගත හැකිය. මීට අමතරව ඔවුන් ජීවත් වන නිවෙස් ඉදිරිපිට තබා මිනිස් මල වේලා ගැනීමට පෙළඹීම නිසා සමහර පෙදෙස් අධික දුර්ඝන්ධයකින්ද යුක්ත වන බව සඳහන් වෙයි.
මේ තොරතුරු තව කෙනෙකුට කියවන්න Share කරන්න 😊
Like | Comment | Share
No comments
You are WELL COME👏👏😘