විවාහයට පෙර දෙදෙනාගේ මානසික ගැළපීම.
✅ විවාහයට පෙර දෙදෙනාගේ මානසික ගැළපීම.
(The psychological fit of the two,before the marriage)
---------------------------------------------------------------------------
මේක පොඩ්ඩක් සීරියස් මාතෘකාවක්. කීපදෙනෙක්ම ඉල්ලපු නිසයි මේ ලිපිය ලියන්නේ.මතක තබාගන්න මේ ලිපිය පූර්ණ වශයෙන් පදනම් වන්නෙ හැගීම් බර කාරණා වලින් තොරව මනෝවිද්‍යාත්මක කරුණු මතයි. මේ කාරණාව පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට සෑහෙන්න වැදගත්.
මං මේ කාරණාවේදී සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයා විවාහයක් කරගන්න කලින් ඔයාගෙ සහකරු හෝ සහකාරිය තේරුම්ගැනීම හා එයා ඔයාට ඇත්තටම ගැළපෙනවද, එයාගෙ මානසික තත්වය ඔයාට සෙට් වෙනවද කියන කාරණා සමූහයි. හරි පොයින්ට් විදියට සරළව පැහැදිලි කරන්නම්
📌 අනාගත සහකරු ඇත්තටම ඔයාට ආදරේ කරනවද?
----------------------------------------------------------------------------
මේ දේවල් තේරුම් ගන්න ලෝකේ තියරි හදලා නෑ.කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔයා ගැන ඔහු සැළකිලිමත් කෙනෙක් ද කියන එක සියුම් කාරණා උඩ අද්‍යනය කරන්න.ඔයා කෙල්ලෙක් නම් ඔයාගෙ පෙම්වතා ඔයාගෙ අදහස් වලට ගරු කරනවද? ඔයාගෙ වැඩ කටයුතු වලට යම් සහයක් දෙනවද? ඔයාට ආදරයෙන් අමතනවද? ඔයාගෙ දුකේදී ඔයා ළගින් ඉන්න පුලුවන් කෙනෙක්ද ? කියන කාරණා අද්‍යනය කරන්න.
ඇත්තටම කෙනෙක් තර්ක කරයි ඕවගෙන් කෝමද හිතේ තියෙන ආදරේ මනින්නෙ කියලා?? මං අහනවා ඇයි බැරි? හිතේ තියන් ඉන්න දේ ගතින් නිරූපණය කරගන්න බැරි මනුස්සයෙක් ජීවිතයට ගැළපෙනවද? හිතේ තියන් ඉදලා ඒව කෞතුක වස්තු විදියට නිදන් කරන්නද? ඇත්තටම ඔයාට කෙනෙක් ආදරේනම් ඔහු තමන්ගෙ චර්යාවලින් අනිවාර්යයෙන්ම ප්‍රකට කරනවා. මෙහෙමයි අප්රකාශිත හැගීම් තියෙන මිනිස්සුත් ඉන්නවා.හැබැයි මං කියන්නෙ එහෙම අය එක්ක පව්ලක් නඩත්තු කරන්න අමාරුයි.
📌 ඔයාගෙ අද්යාපන මට්ටම එක්ක ගැළපෙනවද?
---------------------------------------------------------------------------
අද්යාපන මට්ටම වැනි සාධක එක්ක ගත්තම අනාගත පව්ල් ජීවිතයට බළපානවා. ඇයි මං එහෙම කියන්නේ? නිකමට හිතන්න ඔයා හොද අද්යාපනයක් ලබපු කෙනෙක් කියලා. එහෙම කෙනෙක් අද්යාපන මට්ටම අඩු කෙනෙක් එක්ක පව්ල් කන්න ගියාම අව්ල් ඇති වෙන එක වළක්වන්න බෑ.
මේක ඇවිල්ලා මනෝවිද්‍යාත්මකව උගත් සහ නූගත් කියන මානසික පරතර ගළපාගැනීමට නොහැකි වීමෙ ගැටළුවක්.
උගත් කෙනා නිවැරදි අදහසක් තම සහකරුට කියනවා කියලා හිතමුකො. ඊට පෙරලා ප්‍රති උත්තරයක් නිකුත් වීම බහුතරයක් අඩු අද්යාපනයක් ලබපු අය අතින් සිද්ධ වෙන දෙයක්. මේ කාරණාව නිසා බොහෝ පව්ල් ජීවිත දෙදෙරලා යනවා. අදහස් හා ආකල්ප අතින් ගත්තත් මේ දෙන්නා ගැළපීමේ සම්භාවිතාව ඉතා අඩුයි.
ඔබ මතක තබාගන්න ජීව විද්‍යාත්මකව ගත් කල මවගේ හා පියාගේ ජානමය සාධක හා ප්‍රවේණිය මත අනාගත දරුවාගෙ බුද්ධි මට්ටම පවා තීරණය වෙනවා.
කෙනෙක් තර්ක කරන්න පුලුවන් උගත්කම කෝමද ආදරේට බළපාන්නෙ කියලා?? ඔව් අනිවාර්යයෙන්ම බළපානවා. මානසික මට්ටම් ඇත්තෙන්ම ගැළපෙනවා අඩුයි.
මේවගෙ තත්වයන් අවසානයේ දික්කසාදයෙන් කෙළවර වෙච්ච අවස්ථා ඕනි තරම්.
මෙතනදී අදහස් කලේ ඔයා ආදරේ කරන කෙනා Phd උපාධිය අරං තියෙන එක නෙමෙයි.
තමන්ගෙ අද්යාපනය එක්ක යන්තම් හෝ ගැළපෙන කෙනෙක් සහකරු කරගන්න. එතකොට හැමදේම ලේසියි.
📌 ජීවත් වෙන්න තරම් සුදුසු ආර්ථිකයක් තියෙනවද?
-------------------------------------------------------------------------
මේක වැඩිපුරම බළපාන්නෙ කොල්ලන්ට. කොල්ලෙක් විදියට අනාගත බිරිදට කන්න බොන්න දීල මූලික අවශ්‍යතාවන් ඉටු කරගන්න තරම් ආර්ථික මට්ටමක් නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මෙතනදී අදහස් කලේ මහලොකුවට සල්ලිකාරයෙක්වත්, ලක්ෂපතියෙක්වත් වන එක නෙමෙයි. සරළවම ඔයාට බිරිදගේ අවශ්‍යතා අග හිගකම් වලින් තොරව ඉටු කරන්න පුලුවන් ආර්ථිකයක් තිබීමයි.
හැගීමට වහල් වෙලා ආදරේ නාමයෙන් ජෝඩු වෙච්ච අයගේ ආදර කතා අගහිගකම් මැද්දේ පෑල දොරෙන් පැනලා ගිහිල්ලා උසාවියෙන් කෙළවර වෙන අවස්ථා එමටයි. ලංකාවේ බහුතරයක් දික්කසාද නඩු ගත්තොත් මේක බහුලවම දකින්න පුලුවන්.
ඒ නිසා ආර්ථිකය හදාගන්න පුලුවන් කෙනෙක් එක්ක ඔයාගෙ අනාගතය හදාගන්න පුලුවන් බව මතක තියාගෙන ආදරේ විදින්න.
📌 ඔයාට අමතරව එයාට තව අය ඉන්නවද?
---------------------------------------------------------------------------
මේකනම් බෝහෝ සෙයින් සැළකිය යුතු කාරණාවක්.පිරිමි සහ ගැහැණු පාර්ශව දෙකම වර්ථමානයේ මේ වරද කරනවා. ඔයාට ආදරේ කරන ගමන් එයා වෙන අයටත් හිත දෙනවද? වෙන අය පස්සෙනුත් යනවද කියලා පොඩ්ඩක් පූර්ව අවධානයෙන් ඉන්න. ඒකට විවිධ ක්‍රම තියෙනවනෙ ඉතිම්. මම කියන්න ඕනි නෑනෙ. ඒ ක්‍රම වලින් හරි එයාගෙ සියුම් මානසිකත්වය අල්ලගන්න ට්‍රයි කරන්න.
ඇත්තටම ඔයාට ආදරේ කරන කෙනෙක් ඒ කාලය තුළම තව කෙනෙක් එක්ක බැදෙනවනම් ඒ කාරණාව අනාගත විවාහය තුළ පර අඹු/සැමි සේවණයේ මූලික මානසික ලක්ෂයක්. මනෝවිද්‍යාත්මකව මෙයාලගෙ හිත ක්ෂණිකව චංචල වෙනවා. ඔයා නැති තැන ඕනි කෙනෙක් එක්ක මෙයාලට යන්න පුලුවන්.
ඔයා හිතනවා ඇති අයියො මැරි කලාම ඕව හරියනවා කියලා. එහෙම හිතනවනම් ඔයා තවම ළාමකයි. හරියට ඒ කාරණාව දිය යට ගහපු රබර් බෝලයක් වගේ. කොයි වෙලාවේ ස්මතු වෙයිද කියන එක කියන්න අමාරුයි.
📌 ඔයාගෙ අනාගත සැළසුම් වලට එයාගෙ සහය ලැබෙනවද?
--------------------------------------------------------------------------
ආදරය කරන දෙදෙනෙක්ගේ අවසාන ගැළපීම මේක. ඉහත කාරණා සියල්ල සම්පුර්ණ කල පසු දෙදෙනාම ඊළගට යන පියවර අනාගත සැළසුම්.
සහකාරිය තම සහකරුගේ නිවැරදි අනාගත සැළසුම් වලට හව්ල් වී ඒවට අදහස් හා යෝජනා ඉදිරිපත් කරනවා සේම සහකරුද එසේම විය යුතුයි. එවිටයි දෙදෙනාගේම මානසික සංනිවේදනය හරිහැටි සම්පූර්ණ වෙන්නේ.
එසේ නොමැතිව අනාගත සැළසුම් නොතකන, ඒවට අඩුම තරමින් අදහසක් හෝ එකතු නොකරන කෙනෙක් සමග ඔබගේ අනාගතය ගොඩ නගාගන්න පුලුවන්ද කියන කාරණාව පිළිබදව ඔබ බුද්ධිමත් විය යුතුයි. දහස් වතාවක් සිතා තීරණය ගත යුතුයි.
⚠️ ඔබ මතක තබාගන්න.විවාහය යනු අතිශය තීරණාත්මක සංධිස්ථානයක් බව. ඒ තැන වැරදුනොත් ඔබට ඉන් ඉදිරියට ජීවිතයේ බෝහෝ දේවල් වරදිනු ඇති.
සුභ අනාගතයක්.!💑
No comments
You are WELL COME👏👏😘