මානසික ආතතියෙන් ඔබ්බට
මානසික ආතතියෙන් ඔබ්බට
ජීවිතය අන්තයටම වැටුනු තැනකදි ඔබ මොකද කරන්නෙ? අපිට අපිව ගොඩ ගන්න මොනවාද කරන්න පුලුවන්? නැවතත් නැගිටින්නට කවුද අකමැති?
විවාහ වූ, නොවූ කාටත් ජීවිතයේ විවිධ ගැටලු එන්න පුලුවන්. ඒවා විවිධ මට්ටමේ විවිධ ආකාරයට ඔබට බලපෑම් එල්ල කරන්නට ඇති. මා විශ්වාස කරන ධර්මයට අනුව ඔබට දුකක් පැමිණි අවස්ථාවක් ඔබ, ඔබ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. එනම් ඔබව සතුටින් තැබිය යුතු හොදම අවස්ථාව එය වේ.
ඔබ කැමතිම කෑමක්, ඔබ කැමතිම ඇදුමක්, ඔබ නිදහසේ සිටීමට කැමතිම තැනක්, ඔබව සතුටින් තැබිය හැකි ඕනෑම දෙයක්... ඔබට හැකිනම් ඔබේ මානසික මට්ටම අකුරු කරන්න එය මහත් වූ පිටුවහලක් වේවි ඔබේ හැගීම් සුවපත් වන්නට..
ජීවිතය බිද වැටීම් ගැන මා සතු අත්දැකීම් බහුලය. මානසික වෙදැදුරු ප්‍රතිකාර, සායන ආදී එකී නොකී සියලු ප්‍රතිකාර අභිබවමින් ඔබව සුවපත්කිරීමට ඔබට කල හැකි දෑ බොහොයි.. අවංකවම මේ මා අත්හදා බැලූ අත්දැකීම් වේ. අතිශය සාර්ථකය.. සුවපත් විය. එබැවින් ඔබට බෙදා දීමට සිත් විය.
1. බාහිර පෙනුම
රූපය ඉතාමත් වැදගත් සාදකයකි. එය ඔබට ආභරණයක් මෙන් ම වටිනාකමක් එක් කරයි. ඔබේ BMI අගය නිසියාකාරව පවත්වාගෙන යෑමට සැමවිටම සැලකිලිමත් වන්න. ඔබ කොතරම් ස්ථූල වූවද හිත ඇත්නම් මෙය කල හැක. තොරම්බල් කරත්තයක් මෙන් නොව ඔබගේ වටිනාකම වැදගත්කම ඉස්මතු වන පරිදි ඇදුම්, ආභරණ තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. ඔබේ බාහිර පෙනුම ඔබට කායිකව මෙන්ම මානසිකවත් සහනයක් ගෙන දේවි. ඔබේ සුන්දරත්වය ඔබට ආත්ම අභිමානයක් එක් කරන බවට කිසිදු සැකයක් නැත.
2. ශක්තිමත් ආර්ථිකය 💵
ඔබ කුමන ආකාරයක රැකියාවක නිරත වුවද කම් නැත. එය සුරක්ෂිත කරගන්න. රැකියාවක් නොමැති නම් කම් නැත. ගෞරවාන්විතව මුදල් ඉපයීමට ඔබ තුල ඇති හැකියාවක් ප්‍රයෝජනයට ගන්න. (Hand skill හෝ mental skill) ගෙදර සිට කල හැකි රැකියා ඕනෑ තරම් ඇත. අවශ්‍ය කරන්නෙ ඔබට ආවේණික හැකියාව හදුනාගැනීම හා නොපසුබට උත්සාහය පමණි. මතකතබාගන්න කිසිවක්ම කල නොහැක්කෙක් මේලොව නොමැත. ශක්තිමත් ආර්ථිකය ඔබේ මනස නිර්වුල් කරනු ඇත.
3. මනා ශරීර පැවැත්ම🤸♀️
ඔබ පීඩිත අවස්ථාවක ආහාර, සෞඛ්‍ය ඔබට මගහැරීම සාමාන්‍යයි. අන් කවරදාකටත් වඩා මේ අවස්ථාවේ ඔබ ,ඔබට ආදරය කලයුතුයි. මනසින් පීඩිත විට කෑම රුචිය අහිමි වීම ස්වභාවික වේ. පුලුවන් තරම් කන්න. ඔබ ආසම දේ කන්න.
4. හිත රිදෙන තැනින් ඉවත් වීම
හිත රිදෙන කතා බහට සම්බන්ධ නොවී ඉන්න උත්සාහ කරන්න. දික්කසාදය, ප්‍රේමය බිද වැටීම්, විභාග අසාර්ථක වීම්, දරු ඵල නොමැති වීම්, ආදී දහසක් ගැටලු ගැටලුවක් වන්නේ ඔබ ගැටලුව තුල ගිලී ඇති විට පමණි. ඉවත් වී බලන්න. එය තවදුරටත් ගැටලුවක් නොවනු ඇත. විදවීමෙන් ජීවිතය විදිය නොහැකි බව ඔබට පසක් වනු ඇත. මූලික අඩිතාලම අසීරුවෙන් හෝ තබන්න. එවිට නිදහසේ මාවත ඔබට පෙනෙනු ඇත.
5. ඔබ කැමතිම වෙනසක් කරන්න
ඔබ ඉතාමත් ප්‍රිය කරන විනෝදාංශයක් ප්‍රගුණ කරන්න. ගෙවත්තේ පැලයක් වවන්න. අත්කම් නිර්මාණයක් කරන්න. රසවත් කෑමක් හදන්න. හාස්‍යජනක සිනමා සිත්තමක් බලන්න. (Painting, reading, hand crafting , sewing, cooking) ඔබ අවට අස්පස් කරගන්න. නිතර පෙනුන දෑ වෙනස් ස්ථාන වල තබන්න. බිත්තියේ රූප පවා රදවා ඇති ස්ථානය වෙනස් කරන්න. වෙනස ඔබට වෙනස් හැගීමක් ගෙන දේවි.
මතකතබා ගන්න ජීවිතය පැරදුණු මිනිසුන් එම අත්දැකීම් අනුසාරයෙන් අති සාර්ථක ජීවිත කථා වලට අත්පොත් තබා ඇත. ඔබත් එවැනි අති සාර්ථක ජීවිත කථාවක සාඩම්බර හිමිකරුවකු විය හැක. ඉදින තවදුරටත් ප්‍රමාද වන්නේ කුමකටද? අදම වෙනසට මුල පුරන්න. ඔබට ජය...
No comments
You are WELL COME👏👏😘