ඔබේ දරුවා ෆෝන් එකට / ෆිල්ම් වලට අබ්බැහි වීම සිදුවන්නේ මෙන්න මෙහෙමයි...
ඔබේ දරුවා ෆෝන් එකට / ෆිල්ම් වලට අබ්බැහි වීම සිදුවන්නේ මෙන්න මෙහෙමයි...
ඔන්න අපේ දරුවට මාස 6 යි...
බලන්නකො මෙයා ෆෝන් එක දිහා බලාගෙන ඉන්න හැටි හොඳට දන්නව වගේ.
අවුරුදු 1 යි...
අම්මෝ, ෆෝන් එකේ විඩියෝ එකක් දාලා යන්තම් කවාගත්තා.
අවුරුදු 3 යි...
බලන්නකො අපේ ළමයා විඩියෝ සෙල්ලම් කරන හැටි. ඔය එක එක ළමයි එක්ක නටන්නේ නැතිව ඉන්න එක ලොකු දෙයක්.
අවුරුදු 5 යි...
මෙයා මාර ඒවනෙ දන්නෙ, දැන් ෆෝන් එකේ ඔක්කොම දේවල් දන්නවා.
අවුරුදු 10 යි...
අපෝ, ඔය එක එක ලමයි එක්ක නටන්න යන්නෙ නෑ, දැන් එයා යුටියුබ් චැනල් එකක් කරනවා, පාඩම් කරන්නෙ නැති වෙලාවට.
අවුරුදු 15 යි...
අපේ ළමයා නම් ගෙදරමයි ඉන්නෙ, ඔය අරෙහෙ මෙහෙ රවුම් ගහන්නෙ නෑ, හොඳට පාඩම් කරනවා, මට කිව්වා ඕලෙවල් පාස් වුනහම හොඳ ෆොන් එකක් අරන්දෙන්න කියලා. ඉතින් හොඳයි නේ, මමත් හා කිව්වා.
අවුරුදු 17 යි...
ඕලෙවල් හොඳට පාස්, ඒ ලෙවල් පටන්ගත්ත, හැබැයි දැන් ඉස්ස්කෝලෙ යන්නෙ තරමක් අඩුවෙන්, දවල් වෙනකම් නිදිය ගන්නවා.
අවුරුදු 18 යි...
ඉස්කෝලෙ ගිහින් වැඩක් නෑ කියනවා, දවල් වෙනකම් නිදිය ගන්නවා, ගෙදරමයි ඉන්නෙ කොහෙවත් යන්න එන්නෙත් නෑ, දැන් ෆෝන් එකේමයි මොනවා කරනවද? දන්නෙ නෑ.
අවුරුදු 19 යි...
ඉස්කෝලෙ යන්නෙ නෑ දැන්, විභගෙට පාඩම් කරන්නෙත් නෑ, කතා කලත් තරහා යනවා, මොනවා කිව්වත් තරහා යනවා, අයි ටී රස්සාවක් කරනවා කියනවා, නමුත් ඒ ගැන මුකුත් කරන පාටක් පේන්නෙ නෑ, දවල් වෙනකම් නිදිය ගන්නවා.
අවුරුදු 20 යි...
කාමරේමයි ඉන්නෙ, කන්න විතරයි එලියට එන්නෙ, දවල් වෙනකම් නිදිය ගන්නවා, යාලුවෙක් ආවත් කුටු කුටු ගානවා, පුදුම විදිහට තරහා යනවා, ඉල්ලන හැමදේම අපි දෙනවා නමුත් ඒවා අරගෙන, මොනවද? මට කරලා තියෙන්නෙ කියනවා, දැන් නම් මානසික දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න ඕනේ.
මෙවැනිම ක්රමවේදයන්ටම, දෙමව්පියන්ගේ අන්ධ ආදරය, වැරදි අර්ථකතන, දරුවා සෑමවිටම නිවැරදිය, යන මතය අනුව වැඩ කිරීම, දරුවන් අපිට වැඩිය දන්නවා යන මතය දරුවාට නිතර දැන්වීම ආදී කරුණු හේතුවෙන් මත්ද්‍රව්‍ය මත්පැන් ආදී වෙනත් ඇබ්බැහිවීම් වලට යොමුවීම සිදුවන බව පෙනේ.
ඔබත් දැනුවත් වන්න, අවුරුදු 10යෙන් පසු දරුවන් වැඩිහිටියෙක් නොවන බවත්, අවුරුදු 19න් පසු ඔවුන් තවදුරටත් දරුවන් නොවන බවත් මතකයේ රඳවාගෙන වැඩ කිරීම සියල්ලන්ටම යහපත් වනු ඇත.
මාලික අමරසේකර
වෘත්තීය උපදේශක සහ මනෝවිද්‍යා උපදේශක
No comments
You are WELL COME👏👏😘