PC එකක් හදාගන්නේ කොහොමද, සාමාන්‍යයෙන් PC එකක් assembly කරගද්දී විශේෂයෙන් බලන්න ඕන දෙවල් ටිකක් තමයි මේ.
ගොඩාක් දෙනෙක් නිතරම අහනවා දැක්කා PC එකක් හදාගන්නේ කොහොමද, මොනාද ගන්න ඕන parts, brands & etc. සාමාන්‍යයෙන් PC එකක් assembly කරගද්දී විශේෂයෙන් බලන්න ඕන දෙවල් ටිකක් තමයි මේ.
1). Motherboard
මෙහෙමයි, motherboard එක තමයි ඉතින් හැමදේම assembly වෙන තැන. ඒ නිසා ගොඩාක් වෙලාවට ඔයා ගන්න ඉන්න processor, ram, vga ලේසියෙන් assemble කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
(1). මුලින්ම බලන්න motherboard zise එක. Casing එක තොරා ගද්දි වැදගත් වෙයි.
(2). Processor socket type එක බලන්න, generation එක බලන්න intel & AMD, Upgrade වලට යන්න පුලුවන් board එකක්ද බලන්න.
(3). Overclock පුලුවන්ද බලන්න.
(4). Ram generation type එක බලන්න. DDR3 or DDR4. Ram speed support එක බලන්න. 2400MHz, 2663MHz, 3000MHz & 3200MHz වගේ.
(5). PCIe generation එක බලන්න.
(6). SSD support කියලා බලන්න.
(7). Inbuild wifi තියෙනවද බලන්න.
(8). HDD 5000rpm 7200rpm වගෙ support කියලා බලන්න.
(9). Crossfire support කියලා බලන්න. VGA දෙකක් use කරන්න හිතන් ඉන්නවනම්.
Motherboard එකක් ගනිද්දී ඔය ටික තමා බලන්න ඕන විශේෂයෙන්. Brand එක ගැනත් හිතලා බලන්න ඔයා කැමති.
2). Processor
මුලින්ම ඉතින් ඔයාට intel, AMD දෙකෙන් ඔයාගේ budget එකට සෙට් වෙන performance හොඳ එකක් තෝරාගන්න. ඊට කලින් මෙන්න මේ ටික බලන්න.
(1). Core ගනන.
(2). Threads ගනන.
(3). Boost/overclock කොහොමද බලන්න.
ඔයා intel එකකට යනවානම් intel වලදී ඔයාට එකම gen එකේ විවිද processor බලාගන්න පුලුවන්.
1. i7-10750
2. i7-10750F
3. i7-10750K
ඔය වගේ තියෙනවා මේ එකින් එකට performance වෙනස්. අනිවාර්යයෙන් comparison එකක් කරන්න. ඒ වගේම benchmarking එකක් බලන්න. Normally K processor එකක් performance වැඩි. ගානත් පොඩ්ඩක් වැඩි.
ඊට පස්සේ intel, AMD ඔයා තොරගත්ත එකේ benchmarking එකක් බලන්න. හොදම එක තොරා ගන්න. එතනදිත් ඔයාගෙ ආස brand එකත් බලන්න.
3). RAM
මෙතනදී බලන්න ඕන විශේෂයෙන්ම speed එක තමයි. DDR4 එකක් ගත්තම 2400MHz, 2663MHz & 3000MHz වගේ තියෙනවා. ඉතින් budget එකේ හැටියට යන්න පුලුවන් උපරිම speed එකට යන්න.
දන්න තරමින් සමහර brand තියෙනවා gaming වලට වගෙ optimize කරපු. එක ගැනත් පොඩ්ඩක් බලන්න.
4). VGA
මේකෙදිත් ඔයාට chance දෙකක් තියෙනවා, Nvidia or Radeon. මුලින්ම ඉතින් budget එක බලලා ඔයා කැමති එක තෝරාගන්න. මේකෙදිත් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන් benchmarking test score බලන්න. මේකට හේතුව GTX 970 4GB & GTX 1050Ti 4GB එකෙන් අලුත් එක 1050Ti එක. මම බැලුව benchmarking test score වලදී 970 එක ඉස්සරහින් තිබුනා.
(5). HDD & SSD
HDD එක ගනිද්දී මුලින්ම කිව්වා වගේ speed එක බලන්න. 5000rpm, 7200rpm වගේ.
SSD එකත් බලන්න. Data read write speed එක බලන්න.
M2, M2 evo, evo plus ඔය වගේ වෙනස් ඒවා තියෙනවා මේවගෙ speed වෙනස් පොඩ්ඩක්.
(6). Power Supply
මේකනම් විශේෂයෙන් ගොඩාක්ම බලන්න ඕන දෙයක් මොකද ඕනම වැඩක් කරගන්න ශක්තිය ඕනනේ. මෙතනින් තමා ඒක දෙන්නේ. ඔයාගෙ තොරාගත්ත parts එක්ක ගැලපෙන අවශ්‍ය power එක දෙන්න පුලුවන් power supply එකක් තෝරාගන්න. Power supply එකේ rating බලන්න. තව bronze, gold & platinum වගේ label වලින් කියන rating එකක් තියෙනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
(7). Casing
Budget එකේ හැටියට හොඳ casing එකක් තෝරාගන්න. Ventilation එක ගැනත් බලන්න casing එකේ.
සාමාන්‍යයෙන් PC එකක් හදාගනිදිදී ඔය ටික තමා basic බලන්න ඕන. මම ඉතින් දන්න තරමින් විස්තර ටිකක් දැම්මේ. වැරදි තියේනම් නිවැරැදි කරන්න.
උපුටා ගැනීමකි.
No comments
You are WELL COME👏👏😘